දේශීය

ආණ්ඩුවට මේ ඡන්දය නවත්වන්න පුළුවන්ද? – හිටපු මැතිවරණ කොමසාරිස්

පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු කටයුතු ඉතා ජවසම්පන්නව සිදු වෙන බවත් ඡන්දය පැවැත්වීමට ආණ්ඩුව මුදල් නෑ කියනවා නම්, එම මැතිවරණය පවත්වනවාද , නැද්ද යන්න තීරණය කිරීමට අධිකරණයට හෝ මැතිවරණ කොමිසමට පමණක් බලය හිමි වන බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ආණ්ඩුව ඡන්දය තියන්න මුදල් නොමැති බව පවසන බැවින් කුමන හෝ ආකාරයකට පළාත් පාලන මැතිවරණය පවත්වනවාද, යන්න තීරණය කළ හැක්කේ සාධාරණ කරුණු ඉදිරිපත් කිරීමකින් පසු අධිකරණයට හෝ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පමණක් බව එතුමා ප්‍රකාශ කරනවා. එහිදි මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරයාටද කරුණු දැක්විය හැකි බව එතුමා ප්‍රකාශ කළා.

විශාල මුදලක් වැය වන ලෙස පෙණුනත් පළාත් පාලන මැතිවරණයක දී එක් ජන්දදායකයෙකුට අවුරුදු 4ක් සඳහා වියදම් වන මුදල රුපියල් 500ක මුදලක් බව එතුමා පවසනවා. එහෙත් සභිකයන්ට ලබා දෙන දීමනාව සඳහා විශාල වියදමක් වැය වන බවයි එතුමා පෙන්වා දෙන්නේ.

අත්‍යවශ්‍යම සභිකයෙකු පමණක් එම දීමනාව ලබාගන්නේ නම් ඒ සඳහා වැය වන මුදල්ද ඉතිරි කර ගත හැකි බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

සාධාරණ කරුණු දැක්වීමක් මත අධිකරණය හෝ මැතිවරණ කොමිසමට හැර, සීමා නීර්ණය කිරීමේ කොමිසමට හෝ ජාතික සීමා නිර්ණය කමිටුවට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිඳු බලපෑමක් සිදු කළ නොහැකි බව හිටපු මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Recent Posts

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

7 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

7 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

7 days ago