ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන ඇතුළත් පනතට එල්ල වූ චෝදනා හේතුවෙන් ජනාධිපතිවරයාගේ බලතල අඩුකර ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට කටයුතු කළ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.
පවතින ත්‍රස්ත විරෝධී පනත තුළ ඇතුලත් ජනාධිපතිවරයාගේ බලතල මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ පොලිසියට පැවරීමක් ප්‍රතිත්‍රස්ත පනතින් කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ඇති වූ විරෝධය නිසා ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන ප්‍රතිත්‍රස්ත පනතට නැවත විරෝධය දැක්වීම විමතියට කරුණක් බව ඒ මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව පැවසුවේ අද (09) උදෑසන කෝට්ටේ රජමහ විහාරයේ, දහම්පාසලේ පැවති වාර්ශික ත්‍යාග ප්‍රධන උත්සවයට සහභාගි වෙමින්. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
මහතාද එක්ව සිටියා.
අරගලවලට ගිය තරුණ තරුණියන්ට මෙරට උසාවි හරහා දඩුවම් නොකළ ද ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළු වූ පළමු පුද්ගලයා තවමත් හිරභාරයේ පසු වන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
එසේ නම් ඉන්දියාව, ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍ය වැනි රටවල පවතින පනත් මීටත් වඩා බලවත් ඒවා වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
විස්තර සහිත විඩියෝව පහතින් ,


