90 දශකයේ රූපවාහිනියේ ප්‍රදර්ශනය කළ කාගෙත් ආදරය දිනාගත් ජනප්‍රිය කතාමාලවක් වන “රොබින්සන් අන්දරය ” කතාමාලාවේ රොබින්සන් පවුලේ ප්‍රධාන චරිතයකට පන පෙවූ කිරන් හචිසන් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් පිරිසකට ස්තූතිය පළ කර සිටි පුවතක් වාර්තා වෙනවා.
සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා හඳුනාගත් මෙරට, 90 දශකයට අයත් රසිකයන් පිරිසකට කිරන් හචිසන් මෙලෙස සිය ස්තූතිය පළ කර තිබෙනවා. ඒ රොබින්සන් අන්දරය කතාමාලාව පිළිබඳව ඔවුන් කිරන් හචිසන්ගේ සමාජ මාධ්‍ය පිටුව තුළ දක්වා තිබූ අදහස් හේතුවෙනි.

1812 පළ වූ ජොහාන් ඩේවිඩ්ගේ The Adventures Of Swiss Family Robinson යන ලෝකප්‍රසිද්ධ නවකතාවක් ඇසුරෙන් එහි ඉංග්‍රීසි කතාමාලාව නිර්මාණය කර තිබුණා. එම ඉංග්‍රීසි කතාමාලාවට සිංහලෙන් හඬදෙමින් 90 දශකයේ දී “රොබින්සන් අන්දරය” මෙරට රූපවාහිනියේ ප්‍රදර්ශනය කළ අතර එවකට මෙරට බාල මහළු කාගෙත් ආදරය දිනා ගැනීමට රොබින්සන් කතා මාලාව නිතැතින්ම සමත් වුණා.





