Friday, September 11, 2026
Homeදේශීයනාලක ගොඩහේවා ඇතුළු තිදෙනෙකු නිදොස් කොට නිදහස් කෙරේ

නාලක ගොඩහේවා ඇතුළු තිදෙනෙකු නිදොස් කොට නිදහස් කෙරේ

“තාරුණ්‍යයට හෙටක් ” සංවිධානය සඳහා ශ්‍රී ලංකා විනිමය සුරැකුම් කොමිසමේ අරමුදලින් රුපියල් ලක්ෂ 50ක් ලබා දීම තුළින් රජයේ මුදල් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව එල්ල වී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට මහ අධිකරණය නියෝග කර තිබෙනවා.

මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව ලබා දුන් අතර විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා සාක්ෂි ප්‍රමාණවත් නොවීම නිසා විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව විනිමය හා සුරැකුම් කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා, තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ රොනී ඊබ්‍රාහිම් යන විත්තිකරුවන් ද නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

READ:   ලබන වසරේ සිට පාසල් වාර විභාග වසරට ම එකයි: වාරයකට එක වැඩ පොතක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්