Friday, September 11, 2026
Homeදේශීයබිත්තර ගැටලුව විසඳීමට කෝප් කමිටුව මැදිහත් වෙයි

බිත්තර ගැටලුව විසඳීමට කෝප් කමිටුව මැදිහත් වෙයි

බිත්තර සඳහා සාධාරණ මිලක් තීරණය කිරීම සඳහා කෝප් කමිටුව විසින් අදාළ නිලධාරීන් කැඳවා සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී බිත්තර මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් අමාත්‍යාංශ නිලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති අතර මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවෙන ප්‍රයෝගික ගැටළු හේතුවෙන් මිල සූත්‍රය යළි සංශෝධනයට අවධානය යොමු කර තිබෙනවා.

රට තුළ දිනකට බිත්තර මිලියන 3ක හිඟයක් පවතින බැවින් ඒ සඳහා කඩිනම් පිළියමක් වශයෙන් සීමිත බිත්තර ප්‍රමාණයක් වෙළඳපොළට ආනයනය කිරීමට නිලධාරීන් එකඟව තිබෙනවා.

බිත්තර ගැටළුවේදී පාරිභෝගිකයාට සාධාරණයක් වන ආකාරයට විසඳුමක් සෙවීමට සියලු පාර්ශව කටයුතු කළ යුතු බව කෝප් කමිටුව නිලධාරීන්ට පවසා තිබෙනවා.

READ:   නිල ඇඳුමෙන් පොලිස් පැමිණිලිවලට සහභාගී වූ ගුවන් හමුදා බලඝණ නායක ට වැඩ වරදි ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්