දේශීය

ආහාරයෙන් ස්වයංපෝෂිත දේශයක් කරා යන ගමනට රට පුරා නිලධාරීන් රැසක් එකතු වෙලා සිටිනවා – අගමැති (VIDEO)


මහරගම තළපත්පිටියේ ස්ථාපිත කළ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ ජාතික සංගමයේ මූලස්ථාන ගොඩනැගිල්ල වීවෘත කිරීමට 2023.01.25 දින එක් වෙමින් අග්‍රාමාත්‍ය වරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය වරයා –
මිනිස්සු ඉන්න රටක අප කාගේත් කෘතවේදිත්වය කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ට පළකළ යුතු වෙනවා. අපේ රට ආහාරයෙන් ස්වයංපෝෂිත වීමට, සහලින් ස්වයංපෝෂිත වීමට කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් රටපුරා ගම් දනවු හරහා ගමන් කරමින් අපේ රටට ලබා දෙන ශක්තිය සහයෝගය අගය කරනවා. අළුත් දෑ එකතු කරන්න, අළුත් අත්දැකීම් හඳුනාගන්න, අළුතින් ඇතිවන ගැටලු හඳුනාගෙන ඒවාට ලබා දෙන විසඳුම් පිළිබඳව ගොවි ජනතාව සමග ක්‍රියා කරන්නට පුළුවන්කම ඔවුන් ඇති කළා.
1983 දී මේ අවට තිබුණ ඔක්කොම ඉඩම් එක ගැසට් එකකින් රජයට අරගත්තා. ගැසට් හතර පහක් පාවිච්චි කළේ නැහැ. අද පරම්පරාව දන්නෙ නැති උණත් මෙතන ඉන්න පැරණි අයට මතකයි මේ ඔක්කොම ඉඩම් ගත්තා එහා පැත්තේ තිබෙන පාර්ලිමේන්තුව හදන්න. මේ වෙල්යාය රජ දවසේ ඉඳලා ඉතිහාස කතාවක් තියෙන වෙල් යායක්. මේ වෙල්යාය මෙතන ඉඳලා එහා පැත්තේ කැලණි ගඟ දක්වා පැතිරෙනවා. එහෙම වෙල්යාය ගොඩවී පුරන් වී තිබුණු කාලයක් තිබුණා. ඒ වගේම ජලය එකතු වෙන්නෙත් නැතුව තිබුණු පුරන් වූ භූමි යළි අස්වද්දන්න ඔබතුමාලා සහයෝගය දැක්වූවා. නව සංවර්ධන සංකීර්ණයන් මේ අවට ඉදිවුනා. ඒ නිසා විශාල සම්පත් ප්‍රමාණයක් එකතු වුණා.

දෙවෙනි ලෝක යුද්ධයේදී ජපානය ඇති කළ ගැටුම් සමනය කිරීම පිළිබඳව ඇමරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර සමුළුවක් තිබ්බා. ඒ සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය ජේ. ආර්. ජයවර්ධන මහතා ලෝකයට කියා සිටියේ ″අපට කිසිවෙකුගෙන් පළි ගන්නට අවශ්‍ය නෑ. දෙවන ලෝක යුද්ධය අවසානයි. සියලු දෙනා සමගියෙන් අපේ රටවල් ගොඩනගනිමු” කියලා. මේක තමයි ජපානය ශ්‍රී ලංකාවට දක්වන විදේශ ප්‍රතිපත්තියේ තියෙන පළවෙනි සාධකය.
ඒ අනුව ජේ ආර් ජයවර්ධන මැතිතුමා ජනාධිපති උණාට පස්සේ ජපන් ආණ්ඩුව කිව්වා ශ්‍රී ලංකාවට විතරක් නෙවෙයි ජපානයටත් සහයෝගය දැක්වූ ඔබතුමා වෙනුවෙන් අපි ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙනවා කියලා. මේ එහා පැත්තේ තියෙන ජපන් රෝහල ඉදිවුණේ ඒ අනුවයි.
ඒ වෙනකොට මම මහරගම මන්ත්‍රීවරයා ලෙස විවෘත කිරීමේ උත්සවයට සහභාගි වුණා. ජපන් අගමැතිතුමා ජේ. ආර් ජයවර්ධන ජනාධිපති තුමාගෙන් ඇහුවා රෝහලේ කොයිතරම් ඇඳන් තිබිය යුතුයි ද කියලා. ඔබලාගේ ලොකුම රෝහලේ තියෙන ඇඳන් ප්‍රමාණය කොපමණද කියලා ජනාධිපතිතුමා ඇහුවා. ඔහු කිව්වේ 1000 කියලා. එහෙනම් ඇඳන්1001ක් කරන්න කියලා කිව්වා. ඒ නිසා ඇදන් 1001 ක් තියෙන රෝහලක් ජපානය ලංකාවට ලබා දුන්නා. ඇයි එකක් ජපාන අගමැති තුමාගේ ප්‍රශ්නයට ජනාධිපතිතුමා කිව්වේ ඒක මට කියලයි. කොයිතරම් විශ්වාසයෙන් අපේ රටට අත හිත දෙන දියුණු රටවල් තියෙනවද. පසුව මේ ප්‍රදේශයේ තරුණ සේවා සභාව ඇතුළු ව්‍යාපෘති රාශියකට ජපානය ඒකාබද්ධ වුණා.
ජපානය කියන රට සහල් ගොවිතැන අතහරින්නෙ නෑහැ. ජාතික ආර්ථිකයේ ආඩම්බරය හැටියට වැඩි වියදමක් ගියත් ජපන් ගොවියා ආරක්ෂා කරනවා. ජපානය ගොවියාව ආරක්ෂා කරන්න දියුණු වගා ක්‍රම මෙන්ම සුරක්ෂිත ක්‍රම භාවිතා කරනවා. ඒ නිසා ජපානය කෘෂිකර්මාන්තය අතින් ඉතාම දියුණු අවස්ථාවකට පැමිණ තිබෙනවා.
රජය හැටියට ගොවි ජනතාව සමඟ සමීප මතයක් තිබෙන නිසා ගෙන ඇති තීරණය රට ආහාරයෙන් ස්වයංපෝෂිත කිරීමයි. ගොඩනැගිලි, වෙන වෙන යාන වාහන ගැන කතා කරත් ඒ හැම දෙයක්ම නවත්තලා ගොවි ජනතාව කෙරෙහි විස්වාසය තබා තිබෙන්නේ. අපේ රටේ කොඳු නාරටිය යළි ගොඩනගමින් ආහාරයෙන් ස්වයංපෝෂිත වන දේශයක් කරා ගමන් කිරීමට රට පුරා විසිරී සිටින සියළු නිලධාරීන් එකතු වී සිටිනවා. ගොවි බැංකු පන්සියයකට අධික ප්‍රමාණයක් රටේ තිබෙනවා. එයට ලබා දියහැකි සහයෝගය ගැන රජයේ අයවැය ලේඛනය වෙලාවෙත් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඔබතුමාලගේ අදහස් විමසුවා.
මෙම අවස්ථාවට ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල් අබේරත්න මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අදාළ විඩියෝව පහතින්,

Recent Posts

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…

1 week ago

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…

2 weeks ago

ගල් අගුරු හොදද නැද්ද බලන්න මම කාලා බලන්නේ නැහැ ඒක කරන්නේ පරීක්ෂණාගාරවල නියමිත විදියට, ජනපති අනුර කුමාර දිසානායක

අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…

2 weeks ago

මෙහෙම ගියොත් ලංකා රග්බි වලපල්ලටම යයිද?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…

4 weeks ago

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බයයි – ට්‍රම්ප්

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…

4 weeks ago

වනස්පති ජාතික වැඩසටහන යටතේ තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ආරක්ෂා කෙරේ – රක්ෂිත කෙරුණු මුලු වනාන්තර ගණන 79ක්

ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…

4 weeks ago