ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟාවලිය ආරම්භකරමින් පළමු විස්සයි විස්ස තරඟය අද (03) පැවැත්වීමට නියමිතයි.
දසුන් ශානක නයකත්වය දරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නව වසරේ පළමු තරඟය මෙය වන අතර කණ්ඩායමේ උපනායකත්වයට වනිඳු හසරංග පත්වීමෙන් පසුව පැවැත්වෙන පළමු තරඟය ද මෙය වෙනවා.
නායක රෝහිත් ශර්මා, විරාත් කෝලි ඇතුළු ඉන්දියානු කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් කිහිපදෙනෙකුම අද තරඟයට එක් නොවන බව ඉන්දියාව පවසනවා. ඉන්දියානු කණ්ඩායමේ අද නායකත්වය හර්ඩික් පාන්ඩ්‍යාට හිමිව තිබෙනවා.
තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වර 07.00ට මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.


