ක්‍රීඩා

විදුලි ඇමතිගෙන් රතු එළියක් – බිල වැඩි නොකළොත් අඳුරේ ඉන්න වෙයි

විදුලි බල මණ්ඩලය අතීතයේ සිට ලබා ඇති පාඩු පියවා ගැනීම සඳහා විදුලි බිල වැඩිකරනවා යැයි කීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. පාඩු පියවා ගැනීමට විදුලි බිල වැඩි කරනවා නම් මීට වඩා විශාල ප්‍රමාණයකින් වැඩි කළ යුතු බව අමාත්‍යවරයා පැවසුවා.

විදුලි බිල වැඩිකරන්නේ 2023 වර්ෂයේ විදුලි උත්පාදන වියදම පියවා ගැනීමට මිසක් විදුලි බල මණ්ඩලයේ පාඩු පියවා ගැනීමට නොවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

2023 වසරේදී ගණන් බලා ඇති ආකාරයට විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සඳහා යන මූලික වියදම පියවා ගැනීමට විදුලි ඒකකයක් සඳහා රුපියල් 48.42 ක් වැය වන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

සමාන්‍ය විදුලි ඒකකයක් සඳහා ගණන් බලා ඇති වියදම රුපියල් 48.42 ක් වූවත් දැනට විදුලි ඒකකයක් සඳහා අයකරන මුදල රුපියල් 29.14 ක් වීම නිසා නිසා රුපියල් බිලියන 278 ක පමණ හිඟයක් ඇතිව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. එම රුපියල් බිලියන 278 හිඟය පියවා ගැනීම සඳහා පමණක් විදුලි ගාස්තු සංශෝධනය සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එලෙස විදුලි බිල වැඩි නොකර සිටිනවා නම් පැය කිහිපයක විදුලි කප්පාදුවක් එක්ක ජන ජීවිතය ගොඩ නඟා ගත යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

Recent Posts

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

12 hours ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

3 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

3 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

3 days ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

5 days ago