Monday, July 20, 2026
Homeදේශීයදක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස කුරුඳු සිටවයි

දක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස කුරුඳු සිටවයි

දක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස කුරුඳු පැල සිටුවීමේ නියමු ව්‍යාපෘතියක් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙපස සිටුවීමට අවශ්‍ය සියලූම කුරුඳු පැල වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් නොමිලේ මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. ව්‍යාපෘතිය ආරම්භ කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත හුවමාරු පරිශ්‍රය ආශ්‍රිතව කුරුදු පැල සිටුවීම ආරම්භ කළ බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.

READ:   පාසැල් ළමුන්ගේ පාසැල් බෑග් පරීක්ෂා කළ යුතුයි - අධ්‍යාපන ඇමති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්