දේශීය

පොහොර බෙදාහැරීමෙන් ඉවත්වීමට රජය තීරණය කරයි

2023 සහ 2024 මහකන්නයේ සිට ගොවීන් සඳහා පොහොර බෙදා දෙන කටයුතු වලින් රජය ඉවත්වීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කරුණු කිහිපයක් හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව පැවසු අමාත්‍යවරයා වී සහ බඩඉරිඟු වගාවන්ට අවශ්‍ය යූරියා සහ අනෙකුත් පොහොර මිල දී ගැනීමට රජය ගොවීන් සඳහා ලබා දෙන මුදල් සහනාධාරයක් ලෙස ගොවීන්ගේ ගිණුම් වලට බැර කරන බව සඳහන් කළා.

පසුගිය යල කන්නයේ යූරියා පොහොර බෙදා හැරීම සඳහා පමණක් රජය ප්‍රවාහන,නැව්ගාස්තු, වරාය ගාස්තු ඇතුලුව රුපියල් කෝටි 150 ක් ඉක්මවා වැය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

ගොවීන් සඳහා අවශ්‍ය පොහොර සැපයීම පුද්ගලික අංශය මගින් සිදු කරන අතර පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් වශයෙන් හෙක්ටයාර් එකකට රුපියල් 50,000 කට වැඩි මුදලක් ලබා දීමට අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවා.

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

1 day ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

1 day ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

1 week ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago