2023 සහ 2024 මහකන්නයේ සිට ගොවීන් සඳහා පොහොර බෙදා දෙන කටයුතු වලින් රජය ඉවත්වීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
කරුණු කිහිපයක් හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව පැවසු අමාත්‍යවරයා වී සහ බඩඉරිඟු වගාවන්ට අවශ්‍ය යූරියා සහ අනෙකුත් පොහොර මිල දී ගැනීමට රජය ගොවීන් සඳහා ලබා දෙන මුදල් සහනාධාරයක් ලෙස ගොවීන්ගේ ගිණුම් වලට බැර කරන බව සඳහන් කළා.
පසුගිය යල කන්නයේ යූරියා පොහොර බෙදා හැරීම සඳහා පමණක් රජය ප්‍රවාහන,නැව්ගාස්තු, වරාය ගාස්තු ඇතුලුව රුපියල් කෝටි 150 ක් ඉක්මවා වැය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරනවා.
ගොවීන් සඳහා අවශ්‍ය පොහොර සැපයීම පුද්ගලික අංශය මගින් සිදු කරන අතර පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් වශයෙන් හෙක්ටයාර් එකකට රුපියල් 50,000 කට වැඩි මුදලක් ලබා දීමට අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවා.


