ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ හටගත් ‘ මැන්ඩවුස් ‘ සුළි කුණාටුවේ බලපෑමත් සමඟ ඉන්දියාවේ සිට දූවිලි අංශු මෙරට වායූ ගෝලය කරා ගලා ඒම නිසා ඊයේ උදෑසන සිට මෙරට තුළ අඳුරු සහිත මීදුම් ස්බාවයක් දක්නට ලැබුණා.
මෙම දුහිවිලි අංශු සහ ඒවායේ අඩංගු විය හැකි විෂ ද්‍රව්‍ය ශරීරයට ඇතුළුවීමෙන් ශ්වසන ආබාධ ඇති විය හැකි බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කර සිටියේ.
කුඩා දරුවන්, ශ්වසන රෝගී පුද්ගලයින් ඇතුළු ජනතාව මේ දින කිහිපය තුළ එළිමහනට නිරාවරණය වන සේ ගැවසීම හැකිතාක් අඩු කිරීම වැදගත් බවත් යම් කටයුත්තකට පිටතට යෑමේදී සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණයක් පැළදීම වඩාත් සුදුසු බවත් සෞඛ්ය විශේෂඥයින් විසින් පෙන්වා දෙනු ලැබුවා.
කෙසේ වෙතත් ඊයේ දිනයට සාපේක්ෂව අද (09) මෙරට වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය තරමක් පහව ගොස් ඇති බවත් අයහපත් වායූ දූෂණය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පෙන්වා දෙනවා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…