ඔස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන තරගාවලිය අතරතුර ක්‍රීඩක ගිවිසුමට අදාළ වගන්ති කීපයක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව තිබූ සියලුම චෝදනාවලට වරදකරු වී තිබෙන බව ඒ පිළිබඳව විනය පරීක්ෂණය පැවැත්වූ ත්‍රිපුද්ගල කමිටුව විසින් තීරණය කර තිබෙනවා.
හිටපු මහාධිකරණ විනිසුරුවරයෙකු වන වන සිසිර රත්නායක යන අය ඇතුළු ත්‍රිපුද්ගල කමිටුවක් විසින් චාමික විසින් සිදුකර ඇති විනය කඩකිරීම් සැලකිල්ලට ගෙන යළිත් වරක් එලෙස විනය කඩකිරීමක් සිදු නොකරන ලෙස තරයේ අවවාද කර ඔහුගේ ක්‍රිකට් දිවියට බලපෑමක් නොවන මට්ටමේ දඬුවමක් ඔහුට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.
ඉහත සියලු කරුණු සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් චාමිකට එරෙහිව සියලු ආකාරයේ වසරක තරඟ තහනමක් පැනවීමටත් තරඟ තහනමට අමතරව ඇමරිකානු ඩොලර් 5000 ක දඩයක් නියම කිරීමටත් තීරණය කර තිබෙනවා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…