Saturday, April 18, 2026
Homeදේශීයනිදහස් අරගලයට පණදුන් වියට්නාමයේ පුංචි දොස්තර

නිදහස් අරගලයට පණදුන් වියට්නාමයේ පුංචි දොස්තර

1970 වියට්නාමයේ ඇමරිකානු බුද්ධි අංශයේ සේවය කල වයිට්හර්ස්ට් මහත්මයාට පැවරී තිබුනු රාජකාරියක් තමයි තමන් අල්ලාගන්නා ප්රදේශවල සතුරන්ගේ ලිපිගොනු පරීක්ශා කර තොරතුරුවලින් වටිනාකමක් නැති ලිපිගොනු පුලුස්සා විනාශ කර දැමීම. ඔහු මේ වියට්නාමයේ පුංචි කෙල්ලගේ ඩයරිය ගින්නට විසිකරනවා. නමුත් ඒක ඒ වෙනකොට කියවලා තිබ්බ ඔහුගේ වියට්නාම් භාශා පරිවර්තකයා ඔහුට රහසින් මෙහෙම පවසනවා.

“මේ ඩයරිය විසිකරන්න එපා වයිට්හර්ස්ට් මහත්මයා, මේ පොත් ඇතුලේ මේ ඇවිලෙනවට වඩා ලොකු ගින්නක් පිලිබඳ සඳහන් වෙලා තියෙනවා. “

මේ වචන ටික අහලා මේ ඩයරිය හොරෙන්ම හoගගත්ත වයිට්හර්ස්ට් මහත්මයා ඔහුගේ පරිවර්තකයාටම කියලා මේ දින පොත කියව ගන්නවා. එහි අවසානයේ වයිට්හර්ස්ට් මෙහෙම කියනවා.

“මිනිසෙකුගෙන් මිනිසෙකුට, මම ඇය සමඟ ආදරයෙන් බැඳුනෙමි”

ඒ ආදරණීය ඩයරිය ඇමරිකානු ආක්රමණවලට විරුද්ධව වියට්නාමයේ ඇතිවූ බිහිසුනු යුද්ධයේ ස්වේච්චා වෛද්යවරයෙක් ලෙස ගරිල්ලා සටන්කරුවන් සමඟ එක්ව සටන් කල පුoචි දොස්තර නෝනා කෙනෙක්ටයි අයිතිවුනේ.

අපේ මේ කතාව කියවෙන්නේ “Last night i dreamed of peace” ලෙස ලොව පුරා මිලියන ගණනින් පිටපත් අලෙවිවුනු ආදරණීය සටහන් පෙලක හිමිකාරිය සහ ඇයගේ අදහාගත නොහැකි කැපවීම පිලිබඳවයි.ඇමරිකානු සොල්දාදුවන් යුද්ධයකින් පරාද කල ලොව එකම රට වෙන වියට්නාමය කියන්නේ ලක්ශ ගණන් තරුණ ජීවිත කැපකරපු රටක්. මේ කතාව ඒ ලක්ශ ගණන් තරුණ ජීවිත අතරේ එක් කැපී පෙනුනු චරිතයක් පිළිබඳවයි. යෞවනත්වය විතරක් නෙමෙයි ඇය කාන්තාවක් වීමත් විශේෂයි. මේ කතාව අපේ රටේ තරුණ පරම්පරාවට හරිම වටිනවා.

විශේශයෙන්ම මේ රටට මහා විනාශයක් කරන්න පාලකයින්ට අනුබල දීලා ඔහේ බලo හිටපු අපේ වැඩිහිටි පරම්පරාව නොකියවපු මේ කතාව අපේ තරුණ පරම්පරාවට දැනගන්න දාන්නේ ඒ වැඩිහිටියන්ට ඔවුන් ගැනම ලැජ්ජාවක් ඇතිවෙන්න.

වයස අවුරුදු 25ක තරම් පුoචි කාලයකදී තම රටේ නිදහස වෙනුවන්, තම රටේ මිනිස්සුන්ගේ නිදහස වෙනුවෙන් තමන්ගේ මුලු කාලයම හා ශ්රමය පරිත්යාග කරන්න තරම් ගට් එකක් හැදෙන්න නම් ඇත්තටම පුදුම හයිය හිතක් තියෙන්න ඕන. ඊටත් වඩා සියුමැලි යෞවනියකට සියලු සැප අතහැරලා නිදහස වෙනුවෙන් කැරලිගහන්න හිතක් පහලවෙනවා කියන්නේ අහම්බයක්. මේ ලෝකෙ එහෙම චරිත අඩුයි.

උතුරු වියට්නාමයේ ඉපදුනු ඩැන් තුයි ට්රැම් (Dang Thuy Tram) කියන්නේ එහෙම කෙල්ලෙක්. මෙතන ඉඳලා ලේසියට ඇයව තුයි (Thuy) නමින් හඳුන්වනවා. දරුවන් පස් දෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමහලු දරුවා වුනු තුයිගේ තාත්තා දොස්තර මහත්තයෙක්. අම්මා Hanoi school of pharmacology හී ආචාර්යවරියක් වගේම වියට්නාම් ඖෂධ පැලෑටි භාවිතය පිළිබඳ වැඩිදුර පර්යේශණ කල කාන්තාවක්. ඒ කියන්නේ තුයිගේ පවුල යමක් කමක් තිබ්බ වැදගත් සමාජයේ පිළිගත් තැනක් තිබ්බ පවුලක්. තුයිගේ තාත්තා හැම surgery එකකට පස්සෙම relaxation එකට පියානෝව වාදනය කරන්න පුරුදු වෙලා තිබ්බා. සoගීතය පිළිබඳ සිය පියාගෙන් ලැබූ ආභාශය නිසාම තුයි වයලීනය සහ ගිටාරය වාදනය මැනවින් ඉගෙන ගත්තා.

READ:   සචිත්‍ර සේනානායකට ඇප

ඇය වෛද්ය විද්යාව ඉගෙනගත්තත් ඇය වැඩියෙන් ආදරය කලේ සාහිත්ය ග්රන්ථ, වියට්නාම් කාව්ය සහ ප්රoශ, රුසියානු සාහිත්ය ග්රන්ථ කියවන්න. ඒ නිසාම වෙන්න ඇති තුයිගේ ඇතුලේ සමාජයට ආදරය කරන මිනිස්සු වෙනුවන් වැඩක් කල යුතුයි කියන ආකල්පය ගොඩනැගෙන්නෙ ඇත්තේ. පාසලේ සිටි සෑම පිරිමියෙක්ම තුයිට හිතින් ආදරය කලේ ඇගේ ලස්සන රූපය නිසාම නෙමෙයි. ඇය තුල තිබුනු බුද්ධිය, කරුණාව සහ සුහදශීලිත්වයත් එයට හේතු වුනා.

හැනෝයි වෛද්ය විද්යාලයෙන් 1966 වසරෙදි ඇය එලියට එන්නේ surgeon කෙනෙක් ලෙස පුහුණුව ලබලා. වැඩිදුර අධ්යාපනයට ඇයව optical surgery අoශයට තේරී තිබුනත් ඇය තෝරාගන්නේ යුධ තීරයට පැමිණ නිදහස වෙනුවෙන් සටන් කරන වියට්කොන් ගරිල්ලාවරුන්ට සහය වීමයි. 1966 දෙසැම්බර් 23 වෙනිදා ඇය ට්රක් රථයක නැගී quang ngai කියන යුධ තීරයට පැමිනෙන්වා. Quang ngai වැසියෝ තම නගරය හැදින්වූයේ එරෙහිව නැගී සිටීමේ (The resistance ) නගරය ලෙසයි. ඒ දකුණු වියට්නාමයේ ඇමරිකන් ගැති පාලනයට විරුද්ධව ඔවුන් නැගූ හඬයි. ටවුමේ හැදුනු පුoචි කෙල්ලකට මේ quang ngai වලදි මෙතරම් විශාල වගකීමක් ගතහැකිද කියලා ඇයගේ ඉහල නිලධාරීන් හිතුවත් අපේ කතා නායිකාව හැමෝම පුදුමයට පත්කරමින් ගරිල්ලා සටන් තීරයේ සිදුකරන සේවය ඉතිහාසයේ රන් අකුරින් ලියවිලා තියෙනවා.

Quang Ngai වලදි තුයි මුලින්ම වැඩට යන clinic එක තියෙන්නෙ කන්දක් පාමුල ඝන වනාන්තරයක් තුල. ඒ කන්ද මුදුනේ ඇමරිකානු හමුදා මුරපොලක් තියෙනවා. ඒත් ඔවුන්ට නොපෙනෙන්න ගස් වලින් ආවරණය වුනු තුයිගේ clinic එකේ උයද්දි පිටවෙන දුම පවා නල මාර්ගයක් ඔස්සේ බොහෝ ඈතට ගෙනියන්නේ ඔවුන් සිටිනා ඉසවුව පිලිබද කිසිම හෝඩුවාවක් අර කන්ද මුදුනේ ඉන්න ඇමරිකානු හමුදාවට නොදැනෙනෙ ලෙස. සමහර දවස්වලට දරුණු ලෙස තුවාල ලැබූ සොල්දාදුවන් දුසිම් ගණන් තුයිගේ clinic එකට ගෙනත් දානවා. රැය දවාල නොලබා සැත්කම් කරන තුයිට ඒවා කරන්න විදුලි බලය වත් clinic එකේ තිබ්බේ නෑ. තුවාලකාරයෝ අඩු දවසට තුයි දර කපන්න, වී මලු කරගහන්න, අගල් කපන්න වගේ අනෙක් වැඩ වලටත් උදවු වෙනවා. Comrade කෙනෙක් කියන්නේ එහෙම multi task කරන කෙනෙක්. තුයි දොස්තර නෝනා කෙනෙක් වුනාට පුoචි comrade කෙනෙක්. තුවාල ලබා තුයිගේ clinic එකට ආව තරුණ සොල්දාදුවෝ ඇයට පෙමින් බැඳෙනෙවා. තුයි ඒ හැමදෙනාටම අසීමිත ආදරය,කරුණාව පෑම එයට හේතු වෙන්න ඇති. නමුත් ඇය ඔවුන්ට ලබාදුන් ආදරය හැඟීම්බර වුනත් sexual එකක් නෙමෙයි. ඇය හදවතින්ම පෙම් බැඳි අයෙක් ඇයගේ ජීවිතයේ සිටියා.තුයි මේ නිදහස් සටනට එකතුවෙන්න ඇය පාසල් කාලයේ සිට පෙම්බැඳි Mr.M ලෙස ඇය හැදින්වූ Khuong the hung නම් ඇයගේ ප්රේමවන්තයත් හේතුවක්. ඔහු 1962දී ගරිල්ලා සටනට එකතුවෙලා තුයි ට ඒ ගැන ලියල එවපු දේ වලින් තුයිට යම් පන්නරයක් ලැබෙන්න ඇති. මේ දෙන්න අතරේ සම්බන්දය ගැන වැඩිසටහනක් නැත්තෙ තුයි යුධ පිලියට පැමිණ ලියපු පලවෙන් දිනපොත සොයාගැනීමට නොහැකිවීම නිසා. ඒත් පසුකාලීනව ඇය Mr.M කෙරෙහි තිබුනු ආලය අතහැර දැමූ බව ඇයගේ දෙවෙනි දිනපොතේ සටහන් වෙලා තියෙනවා. එයට හේතුව ඇය ඔහුට ආලය කල තරමට ඔහු ඇයට ආලයක් නොදක්වන බව ඇයට වැටහුනු නිසා බවත් සඳහන් වෙනවා.

READ:   ඉවසල බැරිම තැන මහවැව හදන්න පෙරමුණ ගත්ත ගමේ තරුණයෝ ටික

තුයිගේ දිනපොත් වල කුරිරු යුද්ධයේ අමිහිරි මතක සටහන් වෙලා තියෙනවා. ඇමරිකානු ජෙට් යානා වලින් බෝම්බ දමා ගම්බිම් විනාශ කල හැටි, රසායනික බෝම්බ (defoliant agent orange) නිසා මිනිස්සු දුක් විඳපු හැටි, white phosphorus shell bomb වලින් මිනිස්සූ පිලිස්සී ගිය හැටි ඇසින් දුටු සාක්ෂි ලෙස එහි සටහන් වී තියෙනවා.

ඊට අමතරව ගරිල්ලා සටන මෙහෙයවුනු හැටි, කොමියුනිස්ට් පක්ශයේ අභ්යන්තර ප්රශ්ණ සහ ඒවා තමාට බලපපු හැටි, හෝ චි මින්ගේ නායකත්වය ආදිය එහි අඩු නැතුව සටහන් වෙනවා. ඇයගේ අවසන් සටහන් වල තියෙන විදිහට 1970 ජුනි 2 ඇමරිකානු කාරයෝ තුයි හිටපු clinic එකකට බෝම්බ දානවා. ඊලඟ දවසේ එහි සිටි හැමදෙනෙක්ම වගේ clinic එක අතහැරලා ගියත් තුයි සහ තවත් සාත්තු සේවක තරුණියන් තිදෙනෙක් එහි තවදුරටත් රැඳී සිටින්නේ අසාද්ය ලෙස තුවාල ලබා සිටි සොල්දාදුවෝ පස් දෙනෙක් තනිකරලා යන්න බැරි නිසා. තම කන්ඩායමේ කවුරු හරි උදවු රැගෙන නැවත ඒවි කියලා තුයි හිතුවත් ජූනි 20 වෙනකොටත් කවුරුත් ආයි එන්නේ නෑ. එතකොට ඔවුන්ට ඉතිරිවෙලා තිබ්බේ සවස ආහාරය සඳහා හාල් මිටක් පමණයි. ඒ නිසා වෙනත් තරුණියන් දෙදෙනෙක් උදවු අරන් එන්න කියලා clinic එකෙන් පිටත් කරලා යවනවා. තුයිගේ දිනපොත එතනින් ඉවර වෙනවා.

ඊට දින කිහිපයකට පසු ඇයගේ මලසිරුර හමුවෙනවා. ඇයගේ නලල හරහා කිඳාබැසි බුලට්ටුවක් ඇයට මරණය ලඟා කර දෙනවා.

ඩයරියේ විදිහට ඇයගේ සහෝදර සටන්කරුවෝ ඇයව අතහැරදාලා පලාගිය බව පෙනී ගියත් පසු කාලීනව කල විපරමකදී හෙලි වෙනවා තුයි මියයන්න පෙර ඇයගේ clinic එකට උදවු ලැබුනු බවත් සියලුම අසාද්ය සොල්දාදුවන් එතනින් ඉවත් කරගෙන ගියබවත්. ඇය මියයන්නේ එතනින් ඉවත් වී තවත් වෙනත් තැනකට යන අතරතුරදී. ඇයගේ සහෝදර සොල්දාදුවෝ ඇයට ඇගේ ලෙඩ්ඩු එක්ක මැරෙන්න දීලා තිබ්බේ නෑ. ඒකයි වියට්නාකොන්ග් සටන්කරුවෝ නියම comrade ලා වෙන්නේ. මේ ඩයරිය ප්රසිද්ධ වෙන්න හේතුවෙන්නේ

READ:   සොහොන් පිටියෙන් වැඩ ආරම්භ කළ ලොව විශිෂ්ටතම ටෙස්ට් නායකත්වය...

වයිට්හර්ස්ට් මහත්මයා හoගගෙන ගෙනාව දිනපොත 2005 වසරෙදි ඔහු ඇමරිකාවේ ටෙක්සාස් විශ්ව විද්යාලයේ පවත්වපු වියට්නාම් යුද්ධය පිලිබද සම්මේලනයකට රැගෙන යනවා. එතනදි හඳුනගන්න තව නිලධාරියෙක් මාර්ගයෙන් ඔහු තුයිගේ ලාබාලතම සොහොයුරිය හොයාගන්නවා. ඊමේල් වලින් සියලු විස්තර හුවමාරු කරගත්තයින් පස්සේ වයිට්හර්ස්ට් මහත්මයා ඔහුගේ සොහොයුරා සමඟ තුයිගේ පවුල මුණගැහෙන්න වියට්නාමයට යනවා. ඔවුන්ව විශ්මයට පත් කරමින් ගුවන්තොටුපොලේදී වියට්නාම් වැසියන්, මාද්යවේදින් ඔවුන්ව වට කරගන්නවා. ඔවුන් වියට්නාමයේ ප්රසිද්ධ චරිත වෙනවා.

තුයිගේ දිනපොත 2005 ජූලි 18 පොතක් ලෙස එලිදක්වනවා. ඊට මාසෙකට පස්සේ වයිට්හර්ස්ට් මහත්මයා වියට්නාමට එනකොටත් එහි පිටපත් 20000 විකිනී අවසන්. වසර එකහාමාරකදී පිටපත් 430000ක් විකිනෙනනවා. එහි ප්රසිද්ධියට ප්රධාන හේතුව වෙන්නේ අනිත් යුධ පොත් වීරත්වය සහ ජයග්රහණයන් ගැන කතා කරද්දී තුයි කතාකරන්නේ යුද්ධය මැද්දේ ඇයට දැනිච්ච ජීවිතය ගැන. එහි ආදරය, බලාපොරොත්තුව, වීරත්වය, ශෝකය හැමදෙයම අන්තර්ගතයි. වියට්නාම් තරුණ තරුණියන් තුයිගේ ඩයරිය ආදරයෙන් වැළඳගන්නවා

පසුකාලීනව තුයිගේ නමින් Dang thuy tram රෝහල ඉදිකෙරෙනවා. ඇය මියගිය කඳු මුදුනේ ඇයව සිහිවෙන්න ස්මාරකයක් හැදෙනවා. 1970දි කාටත් රහසේම අප්රසිද්ධියේ කැලයක් මැද සතුරු වෙඩි පහරකින් මියගිය මේ පුoචි දොස්තර නෝනා ඊට අවුරුදු 35ට පස්සෙ මුලු ලෝකයම ආදරය කරන ඉතිහාසයේ නොමැකෙන චරිතයක් බවට පත්වන්නේ ඇය කල සේවය වගේම බිහිසුනු යුද්ධයේ අත්අත්දැකීම් ඇය ලොවට ඉතුරුකර ගිය ඒ ඩයරියේ රැඳුනු ගිනිගත් සටහන් නිසාවෙන්මයි.

“Last night i dreamed of peace: The diary of Dang Thuy Tram” introduced by Francis Fitzgerald

සටහන : අතුල දංගල්ල මහතා

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්