ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබෙනවා.
ඒ අනුව අදාළ ජයාරූපය මේ වන විට ලොවපුරා බොහෝ පිරිසකගේ දැඩි අවධානයට සහ විවේචනයට ලක්ව තිබෙනවා.
මෙම පින්තුරය මගින් ඇමරිකානු ජනාධිපතිවරයා තමන් ලෝක සාමය මෙන්ම මිනිසුන්ට පිහිට වන සබෑ ජේසුස් වහන්සේ කෙනෙකු බව නිරූපණය කිරීමට උත්සහ ගෙන තිබීම විශේෂත්වයක්.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප් වහන්සේ අපරාධවලට කැමති පුද්ගලෙයෙකු ලෙස දැඩි ලෙස විවේචනය කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ලොව පුරා කතා බහක් ඇති වුණා.
එමෙන්ම ට්‍රම්ප් පවසන්නේ තමන් පාප් වහන්සේගේ රසිකයෙකු නොවන බවත් ඔහු ලිබරල් මිනිසෙකු වන බවයි.
එවැනි පසුබිමක ඇමරිකානු ජනාධිපතිවරයා Truth Social සිය සමාජ මාධ්‍ය ගිණුමට මෙම පින්තුරය එක් කර තිබීම විශේෂත්වයක්.



