Sunday, April 19, 2026
Homeක්‍රීඩාඉන්දියාවට දරුණු පරාජයක් / එංගලන්තය අවසන් මහ තරඟයට

ඉන්දියාවට දරුණු පරාජයක් / එංගලන්තය අවසන් මහ තරඟයට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති අවසන් පූර්ව තරඟයේ ජය තමා සතුකර ගැනීමට එංගලන්තය අද සමත්වුණා. ඒ ලකුණු 169 ක ඉලක්කය පන්දුවාර 16 ක් තුළදී කිසිවෙකු නොදැවී සපුරා ගනිමින්,

කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 168 ක් ලබාගත්තා.

පන්දුවට පහරදීමේදී ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් Hardik Pandya පන්දු 33 කදී වේගවත් ලකුණු 63 ක් වාර්තා කළා.

ලකුණු 169 ක ඉලක්කයක් හබා යෑම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ Butler සහ Hales ආරම්භක පිතිකරු යුගලය වේගවත් පිතිකරණයක නියැලෙමින්16 වන පන්දුවාරය වන විට කිසිවෙකු නොදැවී තරඟයේ ජයග්‍රහි ඉලක්කය පසුකර ගියා.

එ අනුව එංගලන්ත කණ්ඩායමට කඩුලු 10 ක විශිෂ්ට ජයක් හිමිවූවා.

ඉන්දියාව ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වූ අතර 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහ තරඟය එංගලන්තය සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

READ:   තවත් කොරෝනා ආසාදිතයින් 13ක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්