Wednesday, June 3, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟය අද

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟය අද

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන අවසන් තරඟය අද (05) එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පූර්ව වටයට සහභාගීවීමේ බලාපොරොත්තුව ඊයේ (04) ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 4 කින් පරාජයට පත්වීමත් සමඟ බිඳ වැටුණු අතර එංගලන්තයට එරෙහි අද තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීම ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් පූර්ව වටයේ තරඟ සඳහා සුදුසුකම් ලබා ගැනීමට වැදගත් වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර A’ කාණ්ඩයේ අද පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30ට ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී ආරම්භ වීමට නියමිතයි.

READ:   ජනක රත්නායක ඉවත් කිරීම ගැන පාර්ලිමේන්තු විවාදය අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්