මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරඟ සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ බලාපොරොත්තුව
අද බිඳවැටුණා.
ඒ ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තරඟයේදී තියුණු තරඟයකින් ඕස්ට්‍රේලියාව විසින් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 4 කින් පරාජයට පත් කිරීමත් සමඟයි.
ඕස්ට්‍රේලියාවේ අවසන් පූර්ව තරඟ වටයට සුදුසුකම් ලබන්නේ ද යන්න එළඹෙන සෙනසුරාදා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරඟ ප්‍රතිථලය අනුව තීරණය වෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව විසින් එංගලන්ත කණ්ඩායම සෙනසුරාදා පරාජයට පත්කළහොත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඉදිරි තරඟ සඳහා අවස්ථාව හිමිවෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් හතරින් ඉවත්වූවත් 2024 ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන T20 ලෝක කුසලානයට ස්වයංක්‍රීයව සුදුසුකම් ලබා ඇති බවට වාර්තා වෙනවා.



