Wednesday, July 22, 2026
Homeදේශීයඅමරදේව කලාශූරීන්ගේ භෂ්මාවශේෂ නන්දාමාලනීය විසින් තැන්පත් කරයි

අමරදේව කලාශූරීන්ගේ භෂ්මාවශේෂ නන්දාමාලනීය විසින් තැන්පත් කරයි

හෙළ සංගීත වංශකතාවේ මුදුන් මල්කඩ බදු වූ ආචාර්ය ඩබ්ලිව්. ඩී අමරදේව කලාශූරින් අභාවයට පත්ව මේ වනවිට වසර ගණනාවක කාලයක් ගතවූවද මෙතෙක් එතුමන්ගේ දේහය ආදාහනය කිරීමෙන් ඉතිරිවූ භෂ්මාවශේෂ තැන්පත් කර ගැනීමට හෝ නොහැකි වීම පිළිබඳව පහුගියදා කතාබහට ලක්විය.

එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඩබ්ලිව්.ඩී අමරදේව කලාකරුවණන් නමින් අසපුවක් නිර්මාණය කිරීමට ආරම්භ කළ අතර එහෙත් ඊට අවශ්‍ය මුදල් හෝ වෙන්නොකිරීම නිසා මේ දක්වා අමරදේව ශුරීන්ගේ භෂ්මාවශේෂ කොටස තැම්පත්කර ගැනීමට නොහැකි විය.

ඒ අනුව වසර ගණනාවක් සිට මල්ශාලාවක තබා තිබූ එතුමන්ගේ භෂ්මාවශේෂ මුදල් ගෙවා නැවත රැගෙන විත් බත්තරමුල්ල අපේ ගම ප්‍රදේශයේදී තැන්පත් කිරීමට ප්‍රවීන සංගීතඥ ආචාර්ය නන්දාමලනී මහත්මිය විසින් කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

READ:   දෝනි ප්‍රමුඛ චෙන්නායි සුපර් කිංග්ස් IPL අවසන් මහ තරගයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්