Saturday, April 18, 2026
Homeදේශීයමෙරට ව්‍යවසායකයින් ගොඩනැංවීම සඳහා කැනඩා ව්‍යාපාරිකයන්ගේ සහය

මෙරට ව්‍යවසායකයින් ගොඩනැංවීම සඳහා කැනඩා ව්‍යාපාරිකයන්ගේ සහය

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට කැනඩාවේ ව්‍යාපාරික ප්‍රජාව එකඟවූ බව පාර්ලිමේන්තු මධ්‍ය අංශය වාර්තා කරනවා.

කැනඩාවේ ව්‍යපාරික ප්‍රජාව මේ බව සඳහන් කර ඇත්තේ පහුගියදා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසී සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර පවතින මිත්‍රත්වය වැඩි දියුණු කරගනිමින් මෙරට තරුණ ව්‍යවසායකයන් ගොඩනැංවීම සඳහා කැනඩාවේ අතහිත ලබාදීමට බලාපොරොත්තු වන බවට කැනඩාවේ ව්‍යපාරික ප්‍රජාව වෙනුවෙන් දෙරට අතර සාකච්ඡාව සඳහා එක් වූ නියෝජිත පිරිස මෙහිදි ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මධ්‍ය අංශය වැඩිදුරටත් වාර්තා කරනවා.

READ:   13 ගැන සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගැනීම අරමුණයි - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්