Thursday, July 23, 2026
Homeක්‍රීඩාවිස්සයි විස්ස පන්දු යවන්නන් අතර වනිඳු හසරංග දෙවන තැනට

විස්සයි විස්ස පන්දු යවන්නන් අතර වනිඳු හසරංග දෙවන තැනට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ලොව විස්සයි විස්ස හොදම පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය කණ්ඩායම අතර ඊයේ (01) පැවති තරඟයේදී වනිඳු හසරංග දැක්වූ දක්ෂතාව නිසා විස්සයි විස්ස හොදම පන්දුයවන්නන් ලැයිස්තුවේ දෙවන ස්ථානය දක්වා පැමිණ තිබෙනවා. ඒ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද වාර්තා කර තිබුණා.

විස්සයි විස්ස ලොව හොදම පන්දුයවන්නන් අතර ප්‍රථම ස්ථානයෙහි පසුවන්නේ ඇෆ්ගනිස්ථාන දඟපන්දු යවන ක්‍රීඩක රිෂාඩ් කාන් වන අතර ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 697 ක් වේ. ඒඅනුව ඔහු වනිඳු හසරංගට වඩා ලබාගෙන සිටින්නේ තවත් ලකුණු තුනක් පමණක් වෙනවා.

READ:   විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්