Thursday, June 4, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ පළමු මංකිපොක්ස් රෝගියා වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ පළමු මංකිපොක්ස් රෝගියා වාර්තා වෙයි

– ඩුබායි ඉඳන් ආවේ 01 වැනිදා
– වයස 20ක තරුණයෙක්

රටවල් රැසක ව්‍යාප්තව පවතින වඳුරු උණ (මංකිපොක්ස්) රෝග ලක්ෂණ සහිත රෝගියෙක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විද්‍යා දෙපාර්තමේන්තුවේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා ඊයේ (03) පැවසීය.

ඩුබායි සිට මෙරටට ඉකුත් 1 දා පැමිණි වයස අවුරුදු 20ක පිරිමි ළමයකු මෙසේ හඳුනාගෙන තිබේ.

උණ, සමේ බිබිලි සහිත, වසා ගැටිති ඉදිමීම වැනි රෝග ලක්ෂණ සහිතව සිටි මොහු ලිංගාශ්‍රිත රෝග සායනයට යොමු වී ඇත. පසුව රෝග ලක්ෂණ ගැන සැක සිතූ වෛද්‍යවරු මොහු ඇතුළු තවත් 6 දෙනකුගේ රුධිර සාම්පල ඉකුත් 2 දා වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවා තිබේ. එහිදී මොහුගේ රුධිර සාම්පලවලින් වඳුරු උණ රෝගය වැළඳී ඇති බව තහවුරු කර ගෙන තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලාශ්‍රවලට අනුව මංකිපොක්ස් යනු වෛරස් රෝගයකි. එය මිනිසුන් අතර සතුන්ගෙන්, පරිසරයෙන් බෝ විය හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් මෙම රෝගයේ පැතිරීම සැලකිල්ලට ගෙන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඉෂාර මුදුගමුව, සන්ධ්‍යා කරුණාරත්න

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

READ:   කිනිතුල්ලා ගැන රචනාවක් ලියපු කෙල්ල කරපු වැඩේ තමයි රටටත් වුණේ - ඩිලාන් පෙරේරා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්