Tuesday, July 21, 2026
Homeදේශීයඔබවහන්සේ හරි.. අපි නිධානයක් උඩ ඉඳන් හිඟා කන ජාතියක්! - අමාත්‍ය රොෂාන්...

ඔබවහන්සේ හරි.. අපි නිධානයක් උඩ ඉඳන් හිඟා කන ජාතියක්! – අමාත්‍ය රොෂාන් රණසිංහ

පහසුකම් හා සැළසුම් තිබුණත් මෙරට තාරුණ්‍ය වෙනුවෙන් නිසි වගකීම් ඉෂ්ඨ කර ඇති ද, යන්න පිලිබඳව හෘදසාක්ෂියට අනුව කිසිසේත් අනුමත කළ නොහැකි කාරණයක් බව යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

තාරුණ්‍යයට ඇහුම්කම්දීම අතිශය වැදගත් බව පෙන්වා දෙන එතුමා රටේ අනාගතය වර්තමාන තාරුණ්‍යයේ දක්ෂතා හා කුසලතා මත තීරණය වන බවත් විනයක් සහ මනා සංයමයකින් යුත් තරුණ පරපුරක් රටකට මහත් සම්පතක් වන බවත් ප්‍රකාශ කර සිටියා.

වසරකදී ලක්ෂ 3ක් පමණ පැමිණෙන නව තාරුණ්‍යයේ වගකීම් භාරගන්නේ කෙසේද යන්න පිළිබඳව ඒකාබද්ධ සැලැස්මක් පසුගියදා ජාතික තරුණ සේවා සභාව තුළ දී ” අනාගත තාරුණ්‍ය ” මැයෙන් එළිදැක්වූ බව ප්‍රකාශ කල අමාත්‍යවරයා රටේ සාමාන්‍ය දැනීම හා ජීවන කුසලතා දිගින් දිගටම පිරිහෙමින් කඩාවැටෙන ආකාරයක් දක්නට ලැබෙන බව පෙන්වා දෙනවා.

එක්තරා නායක හාමුදුරුවන් වහන්සේ නමක් අනුශාසනා කර තිබූ අකාරයට ” අපි නිධානයක් උඩ ඉදගෙන හිඟා කන ජාතියක් ” යන්න නිවැරදි ප්‍රකාශයක් බවත් ජනතාවට දේශපාලනය අප්‍රසන්න සහ පිළිකුල්ව ඇති බව යථාර්ථය බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

අධිෂ්ඨානය, ඉවසීම, විනය සහ කැපවීම වැනි ගුණාංග දියුණු කර ගැනීම තුළින් රටේ සම්පත් යොදාගෙන මෙරට සංවර්ධන කරා ගෙන ගිය හැකි බවයි එතුමා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ පසුගියදා ගලධාරි හෝටලයේදී පවත්වනු ලැබූ “New Generation Awards 2022 “ සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.

READ:   කඳුළු ගෑස් මිලදී ගැනීම, එල්ල කිරීම සහ පරණ කඳුළු ගෑස් ගැන තොරතුරු මුදාහැරීමට පොලිසියට නියෝග (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්