Monday, April 20, 2026
Homeදේශීයභාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය කඩ කරන ශ්‍රී ලංකා පොලිසියේ නියෝගය

භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය කඩ කරන ශ්‍රී ලංකා පොලිසියේ නියෝගය

භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් කඩ කරන ශ්‍රී ලංකා පොලිසියේ නියෝගයක් සම්බන්ධයෙනි

වර්තමාන ආණ්ඩුව රාජ්‍ය ත්‍රස්තවාදයක ස්වරූපයෙන් දියත් කරන මර්දනයට එ⁣රෙහිව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එක්ව දේශපාලන පක්ෂවලද සහභාගිත්වයෙන් නොවැම්බර් 02 වැනිදා පැවැත්වීමට නියමිත සාමකාමී පාගමනට අවසර ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දෙමින් තිබේ.

සාමකාමී විරෝධතා පාගමනකට අවසර ගන්නා ලෙස කිසිදු නීතියක සඳහන්ව නැති අතර මීට පෙර පොලිස් ආඥා පනතේ 77 වගන්තිය යටතේ බව කියමින් එලෙස අවසර ගන්නා ලෙස පොලිසිය දැනුම් දුන් අවස්ථාවලසී එමගින් මූලි අයිතිවාසිකම් කඩවීමක් සිදුවී ඇති බවට ශ්‍රෙෂ්ඨාධ්කරණය තීරණය කර තිබේ.

එවැනි පසුබිමක සහකාර පොලිස් අධිකාරී සෙනරත් නම් පුද්ගලයකු අද (01) ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාට කතා කර විරෝධතා පාගමන සඳහා අවසර ලබා ගැනීමට ලිපියක් ලබා දෙන්නැයි දැනුම් දී ඇත. එසේම මෙම වි⁣රෝධතා පාගමනට සහභාගී වන බවට තහවුරු කර ඇති දේශපාලන පක්ෂයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ද පොලිසියෙන් එවැනි දැනුම්දීමක් කර ඇති බව එම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

පොලිස් ආඥා පනතේ අදාල වගන්තියේ සඳහන්ව ඇත්තේ අවසර ගැනීමක් නොව දැනුම්දීමක් පමණි. එම දැනුම්දීම ද අදාල වන්නේ විරෝධතා පාගමනකට නොවේ. එය අදාල වන්නේ පෙරහරකට පමණි. 1984 අංක 41 දරන පොලිස් (සංශෝධන) පනතේ පැහැදිලිව සඳහ් කර ඇත්තේ එම විධිවිධානය අදාල යන්නේ පෙරහරක් සම්බන්ධයෙන් බවයි. එය විරෝධතා පාගමනක් සඳහා අදාල විය යුතුව තිබුණා නම් නීති සම්පාදකයන් පෙරහර වෙනුවට විරෝධතා පාගමනක් යන්න ඇතුළත් කළ යුතුව තිබුණද එසේ නොකිරීම මගින් පැහැදිලි වන්නේ ද එය අදාල වන්නේ හුදෙක් පෙරහරකට පමණක් බවයි. විරෝධතා පාගමන් යනු ක්ෂණිකව ඇතිවන තත්ත්වයක් හමුවේ වුව සිදු කළ හැකි දෙයකි. ඊට උදාහරණ රැසක් ඉතිහාසයේ ඇත. එවැනි විරෝධතා පාගමන් ගැන පැය 06කට පෙර දැනුම් දීමට කිසිම හැකියාවක් නැත.

READ:   පාසැල් ළමුන් වැඩිම පිරිසක් අද පාර්ලිමේන්තුවට

එසේ තිබියදී නීතිය විකෘත්ති කරමින් සහ මූලික අයිතිවාසිකම් කඩ කරමින් මෙලෙස විරෝධතා පාගමන් සඳහා අවසර ලබා ගත යුතු බව පැවසීම බරපතල තත්ත්වයකි.

එසේ හෙයින් වහාම මැදිහත්වී නීතිය විකෘත්ති කරමින් අයුතු බලපෑම් කරන මෙවැනි පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ නිකුත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.


තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්