Saturday, April 18, 2026
Homeදේශීයතේ කර්මාන්තය ‍යළි නඟාසිටුවීමට පියවර ගන්නවා - ජනපති

තේ කර්මාන්තය ‍යළි නඟාසිටුවීමට පියවර ගන්නවා – ජනපති

තේ කර්මාන්තය නැවත නඟාසිටුවීමට විධිමත් සැලැස්මක් ඔස්සේ පියවර ගන්නා බව ජනපති පවසයි. කඩාවැටීමට ලක්ව ඇති මෙරට තේ කර්මාන්තය නැවත නඟාසිටුවීමට විධිමත් සැලැස්මක් ඔස්සේ පියවර ගන්නා බවත්, අපනයන ආර්ථිකයක් කරා යන ගමනේ දී එය ඉතා වැදගත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.අතීතයේදී මෙරට තේ කර්මාන්තයේ පැවති සශ්‍රිකත්වය යළිත් උදා කර ගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (30) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.

හැම අතින්ම අගාධයකට වැටුණු රටක් තමන් භාරගත් බවත් බංකොලොත්භාවය සහ උද්ධමනයක් මැදින් රටේ ආර්ථිකය ගොඩනැගීමට සිදුව ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා සියල්ලට කලින් ජනතාවට ප්‍රමාණවත් ආහාර තිබෙනවා ද යන්න පිලිබඳව සහතික විය යුතු බව ප්‍රකාශ කර සිටියා.

අනයනය සීමා කරමින් විදේශ විනිමය ඉතිරි කරගැනීම හරහා අවශ්‍ය ඉන්ධන ඖෂධ හා පොහොර මිලදී ගැනීමට හැකි බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   දුම්රිය ගාස්තුව වැඩි කරන්න වෙනවා - බන්දුල (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්