Friday, July 24, 2026
Homeදේශීයකැබිතිගොල්ලෑව සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට

කැබිතිගොල්ලෑව සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට

ඊයේ (31) රාත්‍රියේ අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දී ඇති වූ කලහකාරී තත්වයක් පාලනය කිරීමට මැදිහත් වූ පොලිස් සැරයන්වරයකුට පුද්ගලයකු විසින් එල්ල කළ මුඟුරු පහරකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර සිටියදී මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

වන අලියෙකු පහරදීමක් නිසා මිය ගිය කැබිතිගොල්ලෑව රඹකැපූවැව ප්‍රදේශයේ කන්තාවක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානයට යමින් සිටි පොලිස් නිලධාරීන් අතරමඟ ඇතිවූ මෙම කලහකාරි තත්වයට මැදිහත්ව තිබුණා.

පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලැබූ සැරයන්වරයා කැබිතිගොල්ලෑව රෝහලට සහ ඉන් අනතුරුව අනුරාධපුර රෝහලටත් ඇතුලත් කර තිබුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව පොලීසියට අනුයුක්තව සේවය කළ වාරියපොළ ප්‍රදේශයේ පදිංච් පොලිස් සැරයන්වරයෙකුයි.

READ:   වනිඳු හසරංග ක්‍රිකට් ලෝක වාර්තාවක් අභියස..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්