Thursday, September 10, 2026
Homeදේශීයඅද දිවයින පුරා මි.මි 100ට වැඩි තද වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අද දිවයින පුරා මි.මි 100ට වැඩි තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.

උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදය කාලයේදීද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌවසහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ක ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වැසි මි.මී 100කට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   මෙහෙම ගියොත් මේ රටම ඉන්දියාව ගන්නවා - ඩයනා ගමගේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්