පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී පාර්ලිමේන්තුව නැරඹීමට සහ පාර්ලිමේන්තු විවාදයන් නැරඹීමට පාසල් දරුවන් සඳහා අවස්ථාව ලබා දීම පිළිබදව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තු සභාගර්භයේ ඇති මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාද සජීවීව නැරඹීමේ අවස්ථාව පාසැල් ළමුන් සඳහා නැවත හිමිවෙනවා.
කොවිඩ් තත්ත්වය සහ ආරක්ෂක හේතුන් මත පාර්ලිමේන්තුව නැරඹීම සදහා පනවා තිබූ සීමාවන් පසුගිය සැප්තැම්බර් 20 දින සිට ලිහිල් කළද පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී පාර්ලිමේන්තු නැරඹීම සඳහා අවස්ථාව මෙතෙක් හිමි නොවුණු අතර නැවතත් එම අවස්ථාව පාසැල් ළමුන් වෙනුවෙන් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
ඒ සඳහා දිනයන් වෙන්කරවා ගැනීම සඳහා පාසල් බලධාරීන් හට තම අයදුම්පත් වේත්‍රධාරි වෙත ලිපියක් මඟින්, ෆැක්ස් මඟින් (0112777473/ 0112777335) හෝ www.parliament.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව අයදුම් කළ හැකිය.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…