Thursday, August 13, 2026
Homeදේශීයපාර්ලිමේන්තු විවාද නැරඹීමට පාසල් ළමුන්ට යළි අවස්ථාව

පාර්ලිමේන්තු විවාද නැරඹීමට පාසල් ළමුන්ට යළි අවස්ථාව

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී පාර්ලිමේන්තුව නැරඹීමට සහ පාර්ලිමේන්තු විවාදයන් නැරඹීමට පාසල් දරුවන් සඳහා අවස්ථාව ලබා දීම පිළිබදව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු සභාගර්භයේ ඇති මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාද සජීවීව නැරඹීමේ අවස්ථාව පාසැල් ළමුන් සඳහා නැවත හිමිවෙනවා.

කොවිඩ් තත්ත්වය සහ ආරක්ෂක හේතුන් මත පාර්ලිමේන්තුව නැරඹීම සදහා පනවා තිබූ සීමාවන් පසුගිය සැප්තැම්බර් 20 දින සිට ලිහිල් කළද පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී පාර්ලිමේන්තු නැරඹීම සඳහා අවස්ථාව මෙතෙක් හිමි නොවුණු අතර නැවතත් එම අවස්ථාව පාසැල් ළමුන් වෙනුවෙන් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ඒ සඳහා දිනයන් වෙන්කරවා ගැනීම සඳහා පාසල් බලධාරීන් හට තම අයදුම්පත් වේත්‍රධාරි වෙත ලිපියක් මඟින්, ෆැක්ස් මඟින් (0112777473/ 0112777335) හෝ www.parliament.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව අයදුම් කළ හැකිය.

READ:   මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ කාර්යාලයට මුද්‍රා තබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්