Friday, September 11, 2026
Homeක්‍රීඩාසිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟයෙන් ජය ශ්‍රී ලංකාවට

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟයෙන් ජය ශ්‍රී ලංකාවට

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරඟය සිම්බාබ්වේ කණ්ඩායම සමඟ අද (11) මෙල්බර්න්හිදී ආරම්භ වුණා.

තරඟයේ කාසිය වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 188ක් ලබාගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 29 කදී ලකුණු 54 ක්, වනිඳු හසරංග නොදැවී පන්දු 14 ක් තුළදී වේගවත් ලකුණු 37ක් ලබාගත්තා.

තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හබාගිය සිම්බාබ්වේ කණ්ඩායමට පන්දූවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවි ලබාගැනීමට හැකිවූයේ ලකුණු 155ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් , චාමික කරුණාරත්න කඩුලු 2ක් වශයෙන් ලබා ගත්තා.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලානයේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති පළමු පුහුණු තරඟය ලකුණු 33කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

READ:   BREAKING NEWS: ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමේ සාකච්ඡාවට රුසියානු නියෝජිතයින් සැප්තැම්බරයේ දිවයිනට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්