Thursday, April 23, 2026
Homeදේශීයඅතුරුදහන්වූවන්ගේ පවුල් සඳහා ගෙවණු ලබන මුදල ඉහළට

අතුරුදහන්වූවන්ගේ පවුල් සඳහා ගෙවණු ලබන මුදල ඉහළට

අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව අතුරුදහන් වූ පුද්ගලයාගේ ලඟම ඥාතියාට ගෙවණු ලබන රුපියල් 100,000ක මුදල තවදුරටත් ඉහළ දැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

අතුරුදහන් වූ පුද්ගලයා වෙනුවෙන් ලබාදෙන රුපියල් 100,000ක මුදල ප්‍රමාණවත් නොවීමත් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ “දක්නට නොලැබීමේ ” සහතිකය ලබාගැනීමට දීර්ඝ කාලයක් ගතවීමත් යන කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ අතුරුදහන්වීම පිළිබඳව හානිපූර්ණ කාර්යලය විසින් හඳුනාගෙන ඇත්නම් , දක්නට නොලැබීමේ සහතිකය ලබාගැනීම ඉවත්කිරීම සහ මෙතෙක් ගෙවණු ලබන මුදල, රුපියල් 200,000 දක්වා වැඩිකිරීමත් යන කාරණා වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව අද (11) කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියා.

READ:   බදුර්දීන්ට පසුව විල්පත්තුවට සැරටම කෙලින්න යන දුමින්ද දිසානායක සහ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් !
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්