දේශීය

අගුනකොලපැලැස්ස බන්ධනාගාර සිරකරුවෙක් මස් හැලියකට වැටී මිය යයි – රන්ජන් රාමනායක (VIDEO)

අගුනකොලපැලැස්ස බන්ධනාගාරගේ ප්‍රේම්, නැමති සිරකරුවෙක් බන්ධනාගාරයේ කුස්සියේ ආහාර පිසිමින් තිබූ විශාල මස් භාජනයකට වැටී ඒතුළ තැම්බී මිය ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසනවා.

පසුව එම සිරකරුවා තංගල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදි ඔහු මිය ගොස් ඇති බවයි එතුමා ප්‍රකාශ කළේ.

බන්ධාරය ගැන ඇත්ත විස්තර පහුගිය කාලයේ තමන් කියද්දි.. සමහර නිලධාරීන් තමාට, බොරු කියනවා යැයි අපහස කළ බව රන්ජන් රාමනායක පවසනවා.

සිදුවීම පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් සිදු වනවා දැකීම තමන්ගේ අපේක්ෂාව බවත් මෙම සෝචනීය පුවත තමන්ට ලබාදුන්නේ සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරින් බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

1 hour ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

1 hour ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago