Friday, July 24, 2026
Homeදේශීයඅගුනකොලපැලැස්ස බන්ධනාගාර සිරකරුවෙක් මස් හැලියකට වැටී මිය යයි - රන්ජන් රාමනායක (VIDEO)

අගුනකොලපැලැස්ස බන්ධනාගාර සිරකරුවෙක් මස් හැලියකට වැටී මිය යයි – රන්ජන් රාමනායක (VIDEO)

අගුනකොලපැලැස්ස බන්ධනාගාරගේ ප්‍රේම්, නැමති සිරකරුවෙක් බන්ධනාගාරයේ කුස්සියේ ආහාර පිසිමින් තිබූ විශාල මස් භාජනයකට වැටී ඒතුළ තැම්බී මිය ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසනවා.

පසුව එම සිරකරුවා තංගල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදි ඔහු මිය ගොස් ඇති බවයි එතුමා ප්‍රකාශ කළේ.

බන්ධාරය ගැන ඇත්ත විස්තර පහුගිය කාලයේ තමන් කියද්දි.. සමහර නිලධාරීන් තමාට, බොරු කියනවා යැයි අපහස කළ බව රන්ජන් රාමනායක පවසනවා.

සිදුවීම පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් සිදු වනවා දැකීම තමන්ගේ අපේක්ෂාව බවත් මෙම සෝචනීය පුවත තමන්ට ලබාදුන්නේ සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරින් බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

READ:   පළාත් කිහිපයකට සවස් වරුවේ වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්