Tuesday, July 21, 2026
Homeදේශීයසපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවතත් වසා දමයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවතත් වසා දමයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවතවරක් වසාදැමීමට සිදු වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඉදිරියේදී මෙරටට ගෙන්වීමට නියමිත තුන්වන බොරතෙල් තොගය සඳහා අවශ්‍ය විදේශ විනිමය නොමැතිවීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දමන බවයි කාංචන විජේසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

තෙල් පිරිපහදුව වසා දැමූවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව රටට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව එතුමා ප්‍රකාශ කළා.

කිසිදු බාධාවකින් තොරව ඉන්ධන නිකුත් කරන බවයි එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

READ:   ජීප් රථයක් පෙරළි පාසල් සිසුන් දෙදෙනෙකු බිග්මැච් සංදර්ශනයෙදි ජීවිතක්ෂයට (PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්