දේශීය

ජිනීවා යෝජනාව සම්මතයි – ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන වාර්තා හතරක්!

ඉටුකළ යුතු පියවර මෙන්න

06 ඔක්තෝබර් 2022.

අද දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කරන ලද ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන යෝජනාවෙහි සඳහන් ප්‍රයෝගික කැරුණු පහත දැක්වේ. යෝජනාවට පක්ෂව ජන්ද 20ක්ද විපක්ෂව 7ක් ද ලැබුණූ අතර සාමාජික රටවල් 20ක් ජන්දය නොදී සිටියහ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ සත්‍යය, යුක්තිය, ප්‍රතිසන්ධානය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ කාර්යය අගය කරමින්,

  1. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් මානව හිමිකම් කවුන්සිලයට එහි හතළිස් නවවැනි සැසියේදී ඉදිරිපත් කරන ලද වාචික යාවත්කාලීන කිරීම සහ එහි වත්මන් සැසිවාරය වෙත ඉදිරිපත් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව සාදරයෙන් පිළිගනිමු;
  2. මහ කොමසාරිස් කාර්යාලය සහ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ක්‍රියාපටිපාටි සමඟ ශ්‍රී ලංකා රජය සම්බන්ධ වීම ද සාදරයෙන් පිළිගනී, එවැනි මැදිහත්වීම් සහ සංවාදයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට දිරිමත් කරන අතර, එම කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත් කාර්යාලය සහ විශේෂ ක්‍රියා පටිපාටි මගින් කරන ලද නිර්දේශයන් නිසි ලෙස සලකා බලන ලෙසත් ඉල්ලා සිටී.;
  3. වැඩිවන ආහාර අනාරක්ෂිතභාවය, ඉන්ධනවල උග්‍ර හිඟය, අත්‍යවශ්‍ය ඖෂධ හිඟය සහ ගෘහාශ්‍රිත ආදායම් අඩුවීම ඇතුළු ආර්ථික අර්බුදයේ මානව හිමිකම් බලපෑම පිළිබඳ කනස්සල්ල ප්‍රකාශ කරන අතරම, ආන්තික සහ අවාසි සහගත පුද්ගලයින්, දෛනික වැටුප් ලබන්නන්, කාන්තාවන්, ළමුන්, වැඩිහිටි පුද්ගලයින් සහ ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු බොහෝ දෙනාගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.
  4. සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ අත්අඩංගුවට ගැනීම් මෙන්ම ප්‍රචණ්ඩත්වය ද ඇතුළුව 2022 අප්‍රේල් මාසයේ සිට අනෙකුත් මානව හිමිකම් සම්බන්ධ වර්ධනයන් මෙන්ම එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ ආධාරකරුවන්ට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට හානි සිදුකිරීම, මරණ, තුවාල, හා විනාශයන් පිළිබඳව ද කනස්සල්ල පළ කරයි. සියලුම ප්‍රහාර පිළිබඳ ස්වාධීන විමර්ශනයන්හි වැදගත්කම සහ ඒවාට වගකිව යුතු අය නීතිය ඉදිරියට පැමිණවිය යුතු බව අවධාරණය කරයි.

සම්පූර්ණයෙන් කියවීමට පළමු කොමෙන්ටුවේ ඇති සබැදියට හෝ sinhala.srilankabrief.org අඩවියට යන්න.

උපුටා ගැනීම

Recent Posts

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

11 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

11 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

11 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

4 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago