දේශීය

බදුර්දීන්ට පසුව විල්පත්තුවට සැරටම කෙලින්න යන දුමින්ද දිසානායක සහ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් !


පසුගිය දිනක හදිසියේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පිවිසුම අවහිර කරමින් ගම්මාන කිහිපයක ජනතාව විරෝධතාවයක් සිදුකළ අතර ඔවුන්ගේ ඉල්ලීම වුයේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වැවු කිහිපයක් සහ ඉඩම් විශාල ප්‍රමාණයක් තමන් දශක කිහිපයකට පෙර හේන් වගාව කළ ඒවා බවත්, තමන්ට නැවත ඒවා හේන් වගාවට අවශ්‍ය බවත්, වැවුවල මසුන් ඇල්ලීමට අවශ්‍ය බවත්ය.
විලප්ත්තු ජාතික වනෝද්‍යානය 1938 දෙසැම්බර් 25 දින ප්‍රකාශයට පත්කළ අතර ඒ අවට ඉතිරි කැලෑ ගැසට් කරන ලද්දේ දශකයකටත් පෙරය. එසේම ප්එ‍රදේශයේ රජයේ කැලෑ ඉඩම්ද ආරක්ෂා වන සේ ඇලි වැටක් ඉදිකරන ලද්දේද 2009 වසරේය. ඒසේ හෙයින් මෙතෙක් කලක් නොතිබූ ප්‍රශ්නයක් හදිසියේ මතුවුයේ කෙසේද යන්න මුලින්ම විමසා බැලිය යුතුය.


හුනුවිලගම හා කුකුල්කටුව යන ගම්මානවල ජනයා යයි පවසා කන්න බොන්න දී ප්‍රාදේශීය දේශපාලුවන් කිහිපදෙනෙකු හා ප්‍රාදේශීය ලේකම් එකතුවී ඉඩම් බෙදාදෙන පොරොන්දුවෙන් ජනතාව ගෙන්වාගෙන ඇති බවට අපට විශ්වාසකටයුතු මාර්ගවලින් තොරතුරු වාර්තා වේ. ප්‍රාදේශීය ලේකම් විසින් මෙම ගම්මානවල ග්‍රාම නිලධාරීවරයා යොදාගෙන පන්සල්වල රැස්වීම් කැඳවා මෙම උද්ගොෂණයට සහභාගී වන ලෙස සමුර්ධි ලාභී පවුල්වලට වක්‍රව බලපෑම් කර ඇත. එසේම විරෝධතාවට පෝස්ටර් ඇඳීම පවා ග්‍රාම නිළධාරීන් ලවා ප්‍රාදේශීය ලේකම් කරවාගෙන ඇත.


තවද, ප්‍රාදේශීය ලේකම්ගේ උපක්‍රමික මැදිහත්වීම මත ග්‍රාම නිලධාරී වරුන් හරහා අදාළ ග්රාමයන්ගේ සමිති සමාගම් යොදාගෙන මෙම උද්ඝෝෂණයට සහභාගී නොවන පවුල්වලට රුපියල් 2000ක පමණ දඩ මුදලක් අයකරන බවට පවසා බියගන්වා ඇත.
ප්‍රාදේශීය ලේකම්වරයාගේ බිරිඳගේ පියා ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඉඩම් බිස්නස්කාරයෙකි. විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ ප්‍රාදේශීය ලේකම් ඉඩම් බලපත්‍ර නොදෙන්නේ එය වනජීවියෙන් පාලනය වන නිසා බැවිනි. ඒ නිසා දැන් වනජීවී ඉඩම් ප්‍රාදේශීය ලේකම්ට දිය යුතු බවය.
දැන් සිද්පැධියහැදිලිය. ප්‍රාදේශීය ලේකම් දුමින්ද දිසානායක සමග එක්ව ජාවාරමකට මුල පුරමින් සිටී. එනම් විපත්තුවේ මෙම කලාපයේ වනජීවීන්ට ඇති එකම නොසිඳෙන විශාල වැව ඇතුළුව ඉඩම් අක්කර දහස් ගණනක් කොල්ලකන්නට න්‍යාය පත්‍රය සාදා අවසන්ය.


වැලේ වැල් නැතිව සිටි දුමින්ද දිසානායකට මිනිස්සුන්ට ඉඩම් දෙන්නම් යයි කියා ගම්වලට යන්නට හැකිය. ඔහු මහින්ද අමරවීර හමුවන්නට මින් කණ්ඩායමක් මීට සති කිසිපයට පෙර යැවීය. ගොස් වනජීවිය ගැන ආඩපාලි කීවේය. විශේෂයෙන් විලත්තු උද්‍යාන භාරකරු ගැන පැමිණිලි කරේය. හේතුව ඔහු අනවසර ඇතුළුවන්නන් අත්අඩංගුවට ගේන නඩු පැවරීමය. එසේ කලේ මස් වැද්දන් ගෙන් විලප්ත්ත්තුවේ සතුන් රැකගන්නටය. එසේම මාළු අල්ලන්නට කියා උද්‍යානයට ගොස් මදු තැබීම වලක්වීමටය. ඒ නීතිය අකුරට කිරීමකි. නමුත් පෙර සිටි අය එසේ නොවන බවත් දැන් උද්‍යාන භාරකරු උද්යානය රැකීම හා අනවසර ඇතුළු වන්නන් උසාවියට ඉදිරිපත්කිරීම දඩ මස් රස විඳින රජයේ ඒජන්තයාගේ සිට දේශපාලුවන්ට ගැටළුවක් විය.


විල්පත්තු උද්‍යාන භාරකරු නීතිගරුකව වැඩ කරන්නෙකි. වරක් ඔහු යාල රාජකාරියේ සිටියදී එවක ආණ්ඩුවේ ප්‍රභල දේශපාලුවෙකු උදේ 6ට පෙර උධ්‍යානයට ඇතුළු වීමට උත්සාහ දැරීමේදී එය වැලැක්වීම නිසා මාරුවක් ලද්දෙකි. ඔහු තිතට වැඩය. එය සමහරුන්ට රුස්සන්නේ නැත. අමතයංශ ලේකම්ලා නිල රථවල ජාතික වනොධ්යානවල දඩයමේ යන රටක තිතට වැඩ නැත්නම් උධ්‍යානයක් රැකීම කළ නොහැකිය.
වනජීවී ඇමති මහින්ද අමරවීර හමුවීමෙන් පසු දුමින්ද දිසානායකගේ ඉල්ලීමට මහින්ද අමරවීර අදාළ ප්‍රදේශය බලන්නට හියේ සති කීපයකට පෙරය. එසේ ගොස් රැස්වීමක්ද පවත්වා තමන්ට අදාළ ඉල්ලීම සම්බන්ධව වාර්තාවක් දෙන ලෙස ඉල්ලා සිටියේය. කෙසේ නමුත් දුමින්ද දිසානායක සහ අමරවීර දෙදෙනාම විල්පත්තුවේ අඟලක් දෙන්නට එසේ පහසුවෙන් නොහැකි බව නොදන්නවා නොවේ. මන්දයත් පරිසර සංවිධාන සහ මෙරට ජනතාව විල්පත්තුවට ඇත තබන්නට කිසිසේත් ලෙහෙසියෙන් ඉඩ නොදෙන බව දන්නා නිසාය. කෙසේ නමුත් ඔවුන් මේ සිදුකරමින් සිටින්නේ නැති ප්‍රශනයක් මැවීමත්, ජනතාව සහ වනජීවිය කෙටවීමත්ය. අවසානයේ දේශපාළුවා ජනතාව ඉදිරියේ සුදනා වී වනජීවිය හතුරා කිරීමය. ගොථාභයද ගම සමග පිලිසඳර වැඩසටහනේ කලේ එයමය.


මීට පෙර දිනකද ජනතාව සියයක් පමණ විල්පත්තුවට කඩාවැදි අතර ඒ පසුපසද නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් සහ දේශපාලන ගැත්තන් විය. වර්තාමානයේ විලප්ත්තුව තුල ඇති මෙම කලාපය මෙම ඉඩම් කොල්ලකාර නිලධාරීන්ට සහ දේශපාලුවන්ට ඉල්ලමකි. පළමුව හේන් ගොවිතැනට කියා බලපත්‍ර නිකුත් කිරීමට සැලසුම් කර ඇත. දෙවනුව එම බලපත්‍ර තමන්ගේ හිතවත් දේශපාලන සහ ව්‍යාපාරික කණ්ඩායම්වලට බදුදීම හෝ විකිණීම අරමුණු කර ඇත. බලපත්‍ර/දීමනාපත්‍ර මෙසේ විකිණීම තහනම් වුවද ලංකාවේ රජයේ ඉඩම්වලට දී ඇති බලපත්‍ර/දීමනාපත්‍ර මෙසේ අන්සතු කිරීම විශාල ජාවාරමක්ව ඇත. අනුරාධපුර රාජාංගන යායේ මෙසේ බලපත්‍ර දුන් ඉඩම් අක්කර සිය ගානක් අවසානයේ නතරවුයේ තාබුගල නම් ව්‍යාපාරිකයා ළඟය. ඔහු කෝමාරිකා ව්‍යාපෘතියකට යයි කියමින් අවසානයේ විල්පත්තු බෝඩරය දක්වා තම ව්‍යාපෘතිය ව්‍යාප්ත කරන්නට අරඅදින ලදී.


මෙසේ බලපත්‍ර ලබාදෙන ඉඩම් හොටල්කරුවන්ට ලබාදී විල්පත්තුව ඇතුලෙම හෝටල්/කබානා/කඳවුරු ඉදිකිරීමට අදාළ ඉඩම් විකිණීමට ප්‍රාදේශීය ලේකම් වරයා හා ප්‍රදේශයේ දේශපාලුවන් සැලසුම් අඳිමින් සිටී. ප්‍රදේශවාසීන්ම පවන පරිදි ප්‍රාදේශීය ලේකම්ගේ මාමන්ඩියා දැනටම ඉඩම් විකිණීමට ගැනුම්කරුවන් සොයමින් සිටී.


මෙසේ තිබියදී සති අන්තයේ විදේශීය සංචාරකයින් විශාල ප්‍රමාණයක් අපහසුතාවට සහ භීතියට පත් කරමින් මෙම ඉඩම් කොල්ලකරුවන් උද්ගෝෂණයක් මෙහෙයවීය. එමගින් රටට එන අතලොස්සක් වූ සංචාරකයින් පවා රස්තියාදු විය. සමහරුන් ඔවුන්ගේ බස් වලටත්, වාහන වලටත් පහර දෙන්නට උත්සාහ කළේය. එය ඉතාම ජඩ හැසිරීමකි. මෙයට ප්‍රාදේශීය ලකම් සහ අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්ට වග කිව යුතුය. දේශපාලුවන් ගැන කතාකිරීමෙන් පලක් නොවන නිසා එවැනි පාහරයින් ගැන කතාකළ යුතු නැත.


පොඩි උද්ගොෂනයටත් බැටන් පහර දෙන පොලීසියද මෙම මෙම උද්ගෝෂණය පාලනය කිරීමට හෝ මග අවහිර කිරීමට එරෙහිව කිසිඳු බලයක් යෙදවූයේ නැත. එයින්ම මෙයට තිබු පෙර සුදානම සහ දේශපාලන නිලධාරී මැදිහත්වීම පැහැදිලිය.
වනජීවී උධ්යාන වටා සැතපුමක ප්‍රේරක කලාපයක් පැවතිය යුතුය. වර්තාමන විල්පත්තු සීමාවේ සැතපුම තුල පවා රජයේ වනාන්තර ඉඩම් බැහැර කිරීමේදී වනජීවියේ අනුමැතිය සහ විශාල ව්‍යාපෘති සඳහා පරිසර අධ්‍යනයක් කළ යුතුය. මෙය හොර ප්‍රාදේශීය ලේකම්වරුන්ට රුස්සන්නේ නැත. මෙම වනජීවියේ මායිම පස්සට දමා ගැනීම අදාළ ප්‍රේරක කලාපයේ ඉඩම් කොල්ල කෑමටද රුකුලක් වන්නේය. බොරු ඉඩම් කච්චේරි තබා තම හිතවතුන්ට, දේශපාලන ගෝලබාලයින්ට ඉඩම් ලබාදීමට එයින් ඉඩ ලැබෙන්නේය. මේ සියල්ලට දේශපාලුවන්ගේ අවශ්‍යතාවත්, ජාවරම්කරුන්ගේ අවශ්‍යතාවත් එකතුකරගනීම මෙවැනි දුෂිත නිලධාරීන් හොඳින් කරන්නේය.


පසුගිය සති අන්තයේ උද්ඝෝෂණයද එසේය. ටයර් පුළුස්සන්නේ කුපනිස කෙනෙකි. වැඩිපුර කෑ ගසන්නේ වනජීවියේ රාජකාරි කළ සිවිල් ආරක්ෂක අනුයුක්ත කළ නිලධාරියකුව සිට වනොධ්යානයේ හොරෙන් ගම්වසියෙකු සමග වැවක මාළු අල්ලා ඉවත් කළ අයෙකි, මීළඟට කා ගසන්නේ කච්චේරියේ පරිපාලන නිලධාරියෙකි, එසේම සුද්ධ පවිත්‍ර කිරීම් කරමින් සිට විනය ගැටළුවක් නිසා ඉවත්කළ කාන්තාවකි, ඒ ඇරුණුකොට විශාල ප්‍රමාණයක් එක්කෝ වනජීවී නඩු ඇති අය මෙන්ම ඉඩම් කොල්ල කෑමට බලා සිටින දේශපාලන නිලධාරී මාෆියාවේ අතකොලුය. ඔවුන්ට මගපෙන්වන්නට විල්පත්තුවේම රාජකාරී කර විශ්‍රාම ගිය දුෂිත වනජීවී නිලධාරීන් කීපදෙනෙකි.


ඒ අනුව මේ අනවශ්‍ය නාඩගම පැහැදිලිවම අලුත්ම දේශපාලනික සහ ප්‍රාදේශීය ලේකම්ගේ සෙල්ලමකි. විල්පත්තුව නැවත අනතුරට හෙලන්නට මාන බලන ජඩ නිලධාරියෙකුගේ ඉත්තන් අදීමකි. අපට කියන්නට ඇත්තේ මොන නාඩගම නැටුවත් වනජීවිය ඉඩම් අඟලක් හෝ නිදහස් නොකළ යුතු බවත්, එසේ විල්පත්තුවේ ඉඩම් අනතුරේ හෙලන්නට අප කිසි විටක ඉඩ නොදෙන බවත්ය. එනිසා මොන සෙල්ලම්, නාට්‍ය දැම්මත් විල්පත්තුවේ මායිම් වෙනස් කරන්නට නොච්චියාගම හොර ප්‍රාදේශීය ලේකම්ට ඉඩ නොලැබෙන බවත්ය.


වැසි වනාන්තර සුරකින්නෝ !

Recent Posts

ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යයි.-ජනපති

ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…

11 hours ago

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට ඇමරිකාවෙන් නව තීරුබදු

අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…

12 hours ago

දුර ගමන් යන්න ලංගමට නවීන AC බස් 600ක් – මිලියන 14,400ක් වෙන් කරයි

file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…

2 days ago

අතිරේක කාලයේ ගෝලයෙන් ආර්ජන්ටිනාව පරදා ස්පාඤ්ඤය ලෝක කුසලානය දිනයි

නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…

4 days ago

ප්‍රංශයේ ජාතික දින සැමරුමට හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක්වෙයි

පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…

4 days ago

සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීමයි. – අගමැතිනිය

file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…

4 days ago