Monday, June 15, 2026
Homeදේශීයඅලි - මිනිස් ගැටුමට විසඳුමක් ලෙස අලිමංකඩ නැවත අලීන්ට නිදහස් කිරීමට යයි

අලි – මිනිස් ගැටුමට විසඳුමක් ලෙස අලිමංකඩ නැවත අලීන්ට නිදහස් කිරීමට යයි

වන අලි – මිනිස් ගැටුම් වලට හේතුවී ඇති මිනිසුන් විසින් අලිමංකඩ වල පදිංචි වීම සහ වගා කිරීම නතරකර නැවත අලිමංකඩ සියල්ල අලින්ට ගමන් කිරීමට සුදුසු පරිදි සකස් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ලබන වසරේ සිට අරඹන බව රජයේ මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

අලින් හුවමාරු වන මංකඩ 16 ක් මෙලෙස මිනිස්සු පදිංචි වීම, වගාකිරීම සහ වෙළඳාම් කටයුතු කිරීම නිසා අවහිරවී අලින් ගම්වැදී මිනිස්සුන්ට සහ දේපළ වලට හානි සිදු කරන බවයි කෘෂිකර්ම වනජීවි සහ වනසංරක්ෂණ අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

අලිමංකඩ ආශ්‍රීතව පදිංචි මිනිස්සුන් ඉන් ඉවත් කර ඔවුන්ට පදිංචිවීමට සුදුසු වෙනත් ඉඩම් හෝ වන්දි මුදලක් ලබාදීමට පියවර ගන්නා බවත් මෙම වැඩසටහනේ ආරම්භක පියවර ලෙස අලි – මිනිස් ගැටුම උග්‍රව පවතින අලිමංකඩ 3 ක් නිදහස් කිරීමට කටයුතු කරන බවත් රජයේ මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කර සිටිනවා.

READ:   පළාත් පාලන ආයතනයන්හි කාර්‍ය මණ්ඩල බඳවා ගැනීම්,වලට පොදුවේ පිළිගත් ක්‍රමවේදයක් - රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙන් නිර්දේශ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්