දේශීය

ආපදා කළමනාකරණයට අදාළව A-PAD විසින් සෙවීම් සහ මුදාගැනීමේ පුහුණු කඳවුරක් මෙරටදී පවත්වයි

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස ජපානය මේ වසරේදී පමණක් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 36.5ක් පමණ වටිනා ආධාර ලබා දී ඇති බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදේකි (MIZUKOSHI Hideaki) මහතා පවසනවා.

ජපාන තානපතිවරයා පැවසුවේ, ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 3.5ක් වටිනා ආධාර පසුගිය 16 වැනිදා හදිසි මානුෂීය ආධාර ලබාදීමේ දෙවැනි වටය යටතේ, ශ්‍රී ලංකාවට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා උපකාරයක් ලෙස ලබා දුන් බවයි.

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සඳහා වන ආසියා පැසිෆික් සන්ධානය (A-PAD SL) සිය වාර්ෂික දිය මත සෙවීමේ සහ ගලවාගැනීමේ පුහුණුව (Swift Water-Search and Rescue Training (01 Level)) සාර්ථකව අවසන් කළ අභ්‍යාසලාභීන්ට සහතිකපත් ප්‍රදානය වෙනුවෙන් සංවිධාන කර තිබූ උත්සවයකදී ජපාන තානාපතිවරයා පසුගියදා (2022.09.30) මේ අදහස් පළ කළා.

මෙම දිය මත සෙවීමේ සහ ගලවාගැනීමේ පුහුණුව (Swift Water-Search and Rescue Training (01 Level)) පසුගියදා (2022 සැප්තැම්බර් 27 වැනිදා සිට 2022 සැප්තැම්බර් 30 වැනිදා දක්වා) පැවැත්වුණේ, ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු පාසල, මිද්දෙණිය පාර, ඇඹිලිපිටිය යන ස්ථානයේදීයි.

මෙවර එහි තේමාව වූයේ, “සූදානම් කිරීම, සම්පත් බෙදා ගැනීම හා ආපදාවලට සාමුහිකව ප්‍රතිචාර දැක්වීමේදී සිවිල් – හමුදා සහයෝගීතාව” යන්නයි.

මෙම පුහුණුව ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා එක්ව සිදු කළ අතර, ජපාන විශේෂඥ උපදේශකවරුන් 7 දෙනෙකුගේ අධීක්ෂණය යටතේ පැවැත්වුණා.

පුහුණුවට මෙවර ත්‍රිවිධ හමුදාවේ සහ පෞද්ගලික අංශවල සහභාගිවන්නන් 28 දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන්ට ජලය ආශ්‍රිත හදිසි අවස්ථාවලදී අර්බුද කළමනාකරණය පිළිබඳව පුහුණුව ලබා දුන්නා.

ඒ, තම විදේශ සංවර්ධන සහාය වැඩපිළිවෙළ යටතේ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය සපයන ලද විශේෂ ආරක්ෂක උපකරණ යොදා ගනිමින්.

සතියක් පුරා උසස් තාක්ෂණික ශිල්පීය ක්‍රම යටතේ පැවති මෙම පුහුණුව සාර්ථකව අවසන් කළ අය වෙත සහතිකපත්‍ර පිරිනැමීමේ උත්සවය පැවැත්වුණේ, පසුගිය 30 වැනිදායි. (2022.09.30)

සහතිකපත් පිරිනැමීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදේකි (MIZUKOSHI Hideaki) මහතා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා, ඇඹිලිපිටිය ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු පාසලේ සේනාවිධායක කර්නල් සී.ඩී. වික්‍රමනායක මහතා සහ ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සඳහා වන ආසියා පැසිෆික් සන්ධානයේ මෙරට අධ්‍යක්ෂ ෆිර්සාන් හෂීම් මහතා යන මහත්වරුන් එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදේකි මහතා පැවසුවේ, ආපදා කළමනාකරණය සහ අවදානම් අවම කිරීම මෙන්ම මෙරට ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා මානුෂීය සහන ප්‍රතිචාර ලබා දීම සඳහා APAD හරහා මෙරටට අඛණ්ඩව සහයෝගය ලබාදෙන බවයි.

මෙම කටයුතුවලදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩ සහයෝගීතාවක අවශ්‍යතාව පිළිබඳවත් තානාපතිවරයා අවධාරණය කළා.

අනතුරුව අදහස් දැක්වූ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා සෙවිම් සහ ගලවාගැනීම් කටයුතුවල දුෂ්කරතා පිළිබඳව පැමිණ සිටි පිරිසේ අවධානය යොමු කරමින් පැවසුවේ, ඒ සඳහා වන සියලු දෙනාගේ කාර්යයන් වෘත්තීමය මට්ටමින් ඉටුවිය යුතු බවයි.

එවිට සෙසු අසල්වැසි රටවල් රටවල්වලට අවශ්‍ය වූ විට අපේ වෘත්තීය සේවා ලබාදීමේ හැකියාව පිළිබඳවත් ඔහු සිය කතාවේදී අවධානය යොමු කළා.

ප්‍රායෝගික දැනුම සහ නව තාක්ෂණික විශේෂඥ පුහුණුව මෙලෙස අප රට සමග බෙදාගැනීම සම්බන්ධව ඇඹිලිපිටිය ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු පාසලේ සේනාවිධායක කර්නල් සී.ඩී. වික්‍රමනායක මහතා ජපාන රජය පැසසීමට ලක් කරනු ලැබුවා.

මේ වනවිට සෙවීම් සහ මුදා ගැනීමේ පුහුණුකරුවන් 100 දෙනෙකු පමණ පුහුණුවෙන් සන්නද්ධ කිරීම සඳහා දායක වූ ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සඳහා වන ආසියා පැසිෆික් සන්ධානයේ මෙරට අධ්‍යක්ෂ ෆිර්සාන් හෂීම් මහතා ද මෙහිදී අදහස් පළ කළා.

ආපදා හමුවේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරගැනීම සඳහා උත්සහ කිරීම තුළින් අභ්‍යාසලාභීන් ලබාගත් ප්‍රගතිය ආයෝජනය හරහා නැවත ලබාදීමේ වැදගත්කම පිළිබඳවත් මෙහිදී ෆිර්සාන් හෂීම් මහතා අවධානය යොමු කළා.

එමෙන්ම ආපදා අවදානම් අවම කිරීමේ ක්‍රියාදාමයේ නියැලී සිටින කාන්තාවන් සෙවුම් සහ මුදාගැනීමේ කණ්ඩායම් වෙත ඇතුළත් කිරීමේ අවශ්‍යතාව ගැන ද ඔහු මෙහිදී අදහස් පළ කළා.

මෙම පුහුණුව සාර්ථකව අවසන් කළ හමුදා සහ පෞද්ගලික අංශවල කාන්තා අභ්‍යාසලාභීන් 9 දෙනෙකුත් මෙහිදී විසිර ගිය අතර, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඔවුන් සියලු දෙනාටම එක හා සමාන පුහුණුවක් ලබාදීම විශේෂත්වයක්.

අනතුරුව, සෙවීම් සහ මුදාගැනීම් මට්ටම 1 සහ 2 ප්‍රගුණ කළ ගලවාගන්නන් විසින් ඔවුන්ගේ ආකර්ෂණීය කුසලතා සහ ශිල්පීය ක්‍රම ප්‍රදර්ශනය කරමින් සිදුකළ නිරූපණ වැඩසටහනකින් අනතුරුව උත්සවය අවසන් වුණා.

Recent Posts

දුර ගමන් යන්න ලංගමට නවීන AC බස් 600ක් – මිලියන 14,400ක් වෙන් කරයි

file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…

1 day ago

අතිරේක කාලයේ ගෝලයෙන් ආර්ජන්ටිනාව පරදා ස්පාඤ්ඤය ලෝක කුසලානය දිනයි

නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…

3 days ago

ප්‍රංශයේ ජාතික දින සැමරුමට හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක්වෙයි

පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…

3 days ago

සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීමයි. – අගමැතිනිය

file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…

3 days ago

අධි­ක­ර­ණය වාර්තා­වක් ඉල්ලයි

file හිටපු පොලි­ස්පති චන්දන දීපාල් වික්‍ර­ම­රත්න මහතා ඔහුගේ නි‍ෙව­සේදී වෙඩි වැදී මිය­යෑමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් විධි­මත්…

3 days ago

දෙස් විදෙස් සංචාරක පහසුකම් නංවන පොළොන්නරුව “පැරකුම් ලෙගසි” ව්‍යාපෘතියේ වැඩ ඇරඹේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…

4 days ago