Thursday, June 4, 2026
Homeදේශීයනුවන් බෝපගේ ජිනීවා යයි

නුවන් බෝපගේ ජිනීවා යයි

ජිනීවා වල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසියට සහබාගී වීම සඳහා නිතීඥ නුවන් බෝපගේ ජිනීවා බලා පිටත් විය.

ලංකාවේ වත්මන් ආණ්ඩුව විසින් අරගලයේ නිරතවූවන්ගේ මානව හිමිකම් කඩකරමින් ක්‍රියාත්මක කරන මර්ධනය පිලිඹඳ අරගලයේ සක්‍රීය ක්‍රියාකාරිකයකු ලෙස ඔහු සැසිවාරය ඇමතීමට අවස්ථාව ලබා ගෙන තිබේ.

මෙරට මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම අවස්ථාව හිමිව ඇත.

මෙහිදී ඔහු අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ ජනතා වෘත්තික මධ්‍යස්ථානය විසින් සකස් කල මෙරට මානව හිමිකම් කඩවීම් පිලිඹඳ වාර්තා දෙකක් කිරීමට නියමිතයි.වීශේෂයෙන්ම වසන්ත මුදලිගේ ඇතුළු ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ අයුක්ති සහගතව රඳවාගෙන සිටින අය පිලිඹඳවත් දිගින් දිගටම සිදුකරන අරගලයේ ක්‍රියාකාරීන් දඩයම් කිරීම පිලිඹඳවත් කරුණු ඉදිරිපත් කිරීමට නියමිත වනවා.

මේ සමගම නිතීඥ බෝපගේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, යුරෝපයේ වාමාංශික සහ ප්‍රගතිශීලී පක්ෂ සහ සංවිධාන කීපයක්ද හමුවීමට යොදාගෙන තිබේ.

උපුටා ගැනීම

READ:   ජල ගාස්තුවට මිල සූත්‍රයක්..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්