දේශීය

දඩයම් බලලන් නිසා ගොනුන් මිය යෑමේ තර්ජනයක්

හොර්ටන්තැන්න රක්ෂිතයේ සැරිසරන ගෝනුන් විශාල පිරිසකගේ සිරුරු නානුඔය අඹේවෙල ජලාශයේ පාවෙමින් තිබෙන බව එම ජලාශයේ ධිවර කටයුතු වල නියැලි සිටින ධිවරයින් කියා සිටියි.

සතියකට ගෝනුන් දස දෙනෙකු පමණ ජලාශය තුල මිය යන බවයි ධිවරයින් වැඩිදුරටත් පවසයි. 

අඹේවෙල ප්‍රදේශයේ දඩයම්කරුවන් කිහිප දෙනෙකු විසින් ඇති කර අත්හැර දමා ඇති දඩයම් සදහා පුරුදු කර ඇති සුනඛයින් රැසක් හොර්ටන්තැන්න සිට ආහාර සහ ජලය සොයා පැමිණෙන ගෝනුන් සපා කා ජලාශය තුලට පන්නා දමන බවත්, ඉතා ගැඹුරු අඹේවෙල ජලාශයේ එසේ පන්නා දමන ගෝනුන් දියේ ගිලි මියයන බව ධීවරයෝ වැඩිදුරටත් සදහන් කරයි

කුඩා පැටවාගේ සිට හොදින් වැඩුණු ගෝනුන් රැසකගේ සිරුරු මේ වන විට අඹේවෙල ජලාශය මත නරක් වි පාවෙමින් පවතින බව වාර්තා වෙයි.

පවත්නා තත්ත්වය මත ජලාශයේ දැඩි දුගන්ධයක් හමන බවත්, ගෝනුන් දඩයම් කර මරා දමන සුනඛයින් අල්ලා වෙනත් ප්‍රදේශයකට කඩිනමින් රැගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අඹේවෙල ජලාශයේ ධිවරයින් වනජිවි නිලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago