දේශීය

දඩයම් බලලන් නිසා ගොනුන් මිය යෑමේ තර්ජනයක්

හොර්ටන්තැන්න රක්ෂිතයේ සැරිසරන ගෝනුන් විශාල පිරිසකගේ සිරුරු නානුඔය අඹේවෙල ජලාශයේ පාවෙමින් තිබෙන බව එම ජලාශයේ ධිවර කටයුතු වල නියැලි සිටින ධිවරයින් කියා සිටියි.

සතියකට ගෝනුන් දස දෙනෙකු පමණ ජලාශය තුල මිය යන බවයි ධිවරයින් වැඩිදුරටත් පවසයි. 

අඹේවෙල ප්‍රදේශයේ දඩයම්කරුවන් කිහිප දෙනෙකු විසින් ඇති කර අත්හැර දමා ඇති දඩයම් සදහා පුරුදු කර ඇති සුනඛයින් රැසක් හොර්ටන්තැන්න සිට ආහාර සහ ජලය සොයා පැමිණෙන ගෝනුන් සපා කා ජලාශය තුලට පන්නා දමන බවත්, ඉතා ගැඹුරු අඹේවෙල ජලාශයේ එසේ පන්නා දමන ගෝනුන් දියේ ගිලි මියයන බව ධීවරයෝ වැඩිදුරටත් සදහන් කරයි

කුඩා පැටවාගේ සිට හොදින් වැඩුණු ගෝනුන් රැසකගේ සිරුරු මේ වන විට අඹේවෙල ජලාශය මත නරක් වි පාවෙමින් පවතින බව වාර්තා වෙයි.

පවත්නා තත්ත්වය මත ජලාශයේ දැඩි දුගන්ධයක් හමන බවත්, ගෝනුන් දඩයම් කර මරා දමන සුනඛයින් අල්ලා වෙනත් ප්‍රදේශයකට කඩිනමින් රැගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අඹේවෙල ජලාශයේ ධිවරයින් වනජිවි නිලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

18 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

18 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

6 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago