මෙතෙක් අසාදු ලේඛනගතකර තිබූ පුද්ගලයින් සහ සංවිධානයන් ඉන් නිදහස් කරණු ලැබුවේ අයතන කිහිපයක් එක්ව සිදුකළ දීර්ඝකාලීන අධ්‍යනයකින් පසුව බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධි ආයතනය , නීතිය බලාත්මක කරන ආයතනය සහ ශ්‍රි ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය යන ආයතනයන්ගෙන් සමන්විත කමිටුවක් විසින් අදාළ අධ්‍යනයන් සිදුකිරීමෙන් අනතුරුව මෙම ඉවත්කිරීම් සිදු කළ බව සඳහන්.
2021 වර්ෂයේදී පුද්ගලයින් 577 දෙනෙකු සහ සංවිධාන 18 ක් අසාදු ලේඛනයට ඇතුළත් කර තිබූ බවත් ඉහත දැක්වූ කමිටුව මගින් සිදුකළ අධ්‍යනයන්ගෙන් අනතුරුව ක්‍රියාකාරීත්වයක් නොපෙන්වන පුද්ගලයින් 316 ක් හා සංවිධාන 6 ක් අසාදු ගත ලේඛනයෙන් ඉවත්කිරීමට පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.
අදාළ නිවේදනය පහතින්



