Friday, July 24, 2026
Homeදේශීයඅද කාලගුණය

අද කාලගුණය

නිරිත දිග සහ යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර් 410ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ13.00 (13.00 N) සහ නැගෙනහිර දේශාංශ 81.70 (81.70 E) හි කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය, වයඹ දෙසට ගමන් කර දකුණු අන්ද්‍රා ප්‍රදේශය සහ උතුරු තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ලඟා වී මෙම පද්ධතිය ඉදිරි පැය 12තුළ, ක්‍රමයෙන් දුර්වලවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

READ:   පුද්ගලයෙක් දුම්රියක ගැටෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්