Thursday, July 23, 2026
Homeදේශීයවිරෝධතාකරුවන් සහ මාධ්‍යවේදීන් මර්දනය ජාත්‍යන්තර සංවිධාන 13 ක් හෙලා දකියි

විරෝධතාකරුවන් සහ මාධ්‍යවේදීන් මර්දනය ජාත්‍යන්තර සංවිධාන 13 ක් හෙලා දකියි

මෙරට තුළ සිදුවන විරෝධතාකරුවන් හා මාධ්‍යවේදීන් මර්දනය, හෙලාදකින බව පවසමින් ජාත්‍යන්තර මානවහිමිකම් සංවිධානය 13 ක් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සාමකාමී ජනතා විරෝධතාවයකට සම්බන්ධ පුද්ගලයින් සහ එය වාර්තාකිරීමට ගිය මාධ්‍යවේදීන් රාජ්‍ය බලය යොදා ගනිමින් මර්දනය කිරිම දැඩිව හෙලා දකින බවත් මෙරට ආරක්ෂක අංශයන් සීමාව ඉක්මවා බලය පාවිච්චි කිරීම සිදු නොකළ යුතු බවත් මෙම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

මධ්‍යවේදීන් හට විරෝධතාවයන් වාර්තා කිරීම සඳහා බලය හිමිවන බව අවධාරණය කරන මෙම නිවේදනය, ගෙවුණු ජූලි 22 ආදී.. වශයෙන් මෙරට තුළ මාධ්‍යවේදීන්ට පහරදීම , මධ්‍ය ආයතනවලට ආරක්ෂක අංශයන් පිවිසීම , සමාජ මාධ්‍යවේදීන් හා ක්‍රියාකාරින් අත්තඩංගුවට ගැනීම, ගාලුමුවදොර සාමකාමී අරගලකරුවන්ට බාධා පැමිණවීම යන කරුණු මතුකර දක්වමින් සිය විරෝධය පළ කර තිබෙනවා.

READ:   දෙදරු මවක් අතුරුදහන්: සැමියා සහ දරුවන් සහය පතයි...
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්