තරුණයකු සමඟ ගලබොඩ දිය ඇල්ල නැරඹීමට ගොස් සැඩ පහරට හසුවී පසුගිය 01 වැනිදා අතුරුදහන් වූ 17 හැවිරිදි තරුණියගේ සිරුර පෙරේදා (04) පස්වරුවේ හමුවූ බව නාවලපිටිය පොලීසිය පැවසිය. මෙසේ සැඩ පහරට හසුව අතුරුදන් වූයේ පේරාදෙණිය පැණිදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිතුමිණි සුගන්‍යා නැමති තරුණියයි.
ජීවිතක්ෂයට පත් තරුණිය පෙම්වතා සමඟ 01 වැනිදා නාවලපිටිය ගලබොඩ දිය ඇල්ල නැරඹීමට පැමිණ ආපසු නිවස කරා යන අවස්තාවේදී නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ තරුණයා සහ තරුණිය සැඩ පහරට හසු වී ඇති අතර ඉන් තරුණයා දිව බේරාගෙන ඇත.
සැඩ පහරට හසු වී අතුරුදහන්ව සිටි තරුණිය සොයා නාවලපිටිය පොලීසිය සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් දියත් කර තිබුණද ගලබොඩ ඇලේ ජල ධාරිතාව ඉහළ ගොස් තිබූ නිසා සිරුර සොයාගැනීමට නොහැකි විය. 04 වැනිදා පස්වරුවේ ගලබොඩ ඇළේ කාන්තා මළ සිරුරක් ඇති බවට ප්‍රදේශවාසීන් නාවලපිටිය පොලීසියට දැනුම් දී ඇත. අනතුරුව තරුණියගේ ඥාතින් සමඟ නාවලපිටිය පොලීසියේ නිලධාරීන් පැමිණ තරුණියගේ සිරුර හඳුනාගෙන ඇත.
ගොඩ ගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය පරික්ෂණ පවත්වයි.
හැටන් – රංජිත් රාජපක්ෂ
උපුටා ගැනීම දිනමිණ පුවත්පත
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…