Sunday, July 26, 2026
Homeදේශීයපෙම්වතා සමඟ ගලබොඩ ඇල්ල බලන්න ගිහින් අතුරුදන් තරුණියගේ සිරුර සොයා ගනී

පෙම්වතා සමඟ ගලබොඩ ඇල්ල බලන්න ගිහින් අතුරුදන් තරුණියගේ සිරුර සොයා ගනී

තරුණයකු සමඟ ගලබොඩ දිය ඇල්ල නැරඹීමට ගොස් සැඩ පහරට හසුවී පසුගිය 01 වැනිදා අතුරුදහන් වූ 17 හැවිරිදි තරුණියගේ සිරුර පෙරේදා (04) පස්වරුවේ හමුවූ බව නාවලපිටිය පොලීසිය පැවසිය. මෙසේ සැඩ පහරට හසුව අතුරුදන් වූයේ පේරාදෙණිය පැණිදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිතුමිණි සුගන්‍යා නැමති තරුණියයි.

ජීවිතක්ෂයට පත් තරුණිය පෙම්වතා සමඟ 01 වැනිදා නාවලපිටිය ගලබොඩ දිය ඇල්ල නැරඹීමට පැමිණ ආපසු නිවස කරා යන අවස්තාවේදී නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ තරුණයා සහ තරුණිය සැඩ පහරට හසු වී ඇති අතර ඉන් තරුණයා දිව බේරාගෙන ඇත.

සැඩ පහරට හසු වී අතුරුදහන්ව සිටි තරුණිය සොයා නාවලපිටිය පොලීසිය සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් දියත් කර තිබුණද ගලබොඩ ඇලේ ජල ධාරිතාව ඉහළ ගොස් තිබූ නිසා සිරුර සොයාගැනීමට නොහැකි විය. 04 වැනිදා පස්වරුවේ ගලබොඩ ඇළේ කාන්තා මළ සිරුරක් ඇති බවට ප්‍රදේශවාසීන් නාවලපිටිය පොලීසියට දැනුම් දී ඇත. අනතුරුව තරුණියගේ ඥාතින් සමඟ නාවලපිටිය පොලීසියේ නිලධාරීන් පැමිණ තරුණියගේ සිරුර හඳුනාගෙන ඇත.

ගොඩ ගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය පරික්ෂණ පවත්වයි.

හැටන් – රංජිත් රාජපක්ෂ

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

READ:   4000 කට වඩා තුවාල ලබා මියගිය ගණන තවම නිශ්චිතව හඳුනාගෙන නොමැති ලෙබනනයේ බීරුට් නගරයයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්