Wednesday, July 29, 2026
Homeදේශීයකල් ගිය පාර්ලිමේන්තුව ඊයේ කාලා දැම්ම මහජන මුදල් කන්ඳ

කල් ගිය පාර්ලිමේන්තුව ඊයේ කාලා දැම්ම මහජන මුදල් කන්ඳ

එකතු කළ අගය මත හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පැවති විවාදය අතරමග නතර කිරීමට කථානායකවරයා ඊයේ (10) තීරණය කළා.

ඒ විශේෂ දිනයක් ලෙස ඊයේ දිනයේ පාර්ලිමේන්තුව රැස්ව තිබියදී.

පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය නොමැති වීමෙන් විවාදය අද දක්වා කල් තබන බවයි නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ.

ඒ අනුව එම විවාදය යළි අද දිනයේ ද පැවැත්වීමට නියමිතයි.

තම ගැටලු විසඳීමට මහජනයා විසින් පත් කර ගත් නියෝජිතයින්ට එක් දිනක් රැස්වීමට මහජන මුදලින් කෝටියකට ආසන්න මුදලක් වැය කරණු ලබයි.

ඒ වාහන, ඉන්ධන, දීමනා, වැටුප් සමගින් සියලු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්, නිලධාරීන්, සෙසු නිලධාරීන්, ආරක්ෂක අංශ ,සේවකයින් ට දෛනිකව වැය කරන මහජන මුදල් කන්දරාවට අමතරවයි.

වැට් බදු සංශෝධනය පිළිබඳ කෙටුම්පත අද යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර කෙටුම්පතට අනුව මෙතෙක් 15%ක්ව පැවති වැට් බද්ද 18% දක්වා ඉහළ යනු ඇති.

READ:   A9 මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරින් පුද්ගලයින් 44ක් රෝහල් ගත කෙරේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්