විශේෂාංග

සජිත් – ඩලස් බෙදී තරඟ කරන්නේ නම්, රනිල් ජනපති වන බව ස්ථිරයි – රජිත් කීර්ති තෙන්නකෝන්

සජිත් – ඩලස් බෙදී තරඟ කරන්නේ නම්, රනිල් ජනපති වන බව ස්ථිර ය.

ජනපති සටනින් ඉවත් වුනොත් (if) ජනපති ඩලස් ද? ඔව්, අපි බලමු.

‘ජයග්‍රහණයට වඩා සහභාගීත්වය වැදගත්‘ නිසා විජේ ඩයස්, සිරිතුංග ජයසූරිය, වික්‍රමබාහු නොව පෙරටුගාමී පක්ෂයක් ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දේ.

අනුර කුමාර ට ද, සජිත් ප්‍රේමදාසට 19 නාම යෝජනා දී සහභාගීත්වය සලකුණු කළ හැකිය. නැතිනම්, ජනපති – අගමැති තනතුරු දිනන්නට පුළුපන් උපක්‍රමයක් සොයා ගත හැකිය.

රනිල් ට 90 කි. ඩලස් ට 69 කි. සජිත් ට උපරිම 62 කි.

සජිත් ඉවත් වී, සජබ ප්‍රමුඛ විපක්ෂය ඩලස් සමඟ ජනපති අගමැති තනතුරු බෙදාගන්නේ නම්, ඔවුන් උඩින්ම දිනනේ යැයි බොහෝ දෙනා කියති. සජිත්ට ජනපති නැතිනම් අගමැති ලෙස රටම බලාපොරොත්තු වන ‘ජාතික ආණ්ඩුවක් හදා‘ රටේ ප්‍රශ්න විසඳිය හැකිය. නැතිනම් විපක්ෂයට සජිත් ඉදිරියට දමා, ‘ඔළුව නැතත් කඳ ෆයිට්‘ නාට්‍යය පෙන්විය හැකිය.

සජිත් සහ ඩලස් එක්වන්නේ නම් (IF),
උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රී කණ්ඩායම ට

ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය 6 ට 4 ලෙස රනිල් – ඩලස් අතර බෙදෙනු ඇත. රනිල් විරෝධී ප්‍රධානම චරිත දෙක නම් සුමන්දිරන් හා ශානක්‍යන් ඩලස් සමඟ රැදෙනු ඇත.

විග්නේෂ්වරන් (TMTK) ගේ සහාය රනිල් ට ලැබෙන බව ස්ථිරය.

ඩග්ලස් දේවානන්ද (EPDP) කණ්ඩායම සිටින්නේ රනිල් සමඟය.

ඩග්ලස්, රනිල් සමඟ නිසා පොන්නම්බලම් (AITC) ඩලස් සමඟ රැගෙනු ඇත. ඒ පොන්නම්බලම් ඩලස්-විමල්-ගම්මන්පිලට කැමති නිසා නොව, ඩග්ලස් සමඟ එක තැන ඉන්නට බැරි නිසාය.

ශ්‍රීලනිප නියෝජනය කරන අන්ජන් රාමනාදන් පක්ෂ තීරණය සමඟ ද, නැති ද යන්න දන්නා කිසිවෙකුත් නැත.

සජිත් සහ ඩලස් එක්වන්නේ නම් (IF), ‘මලය තමිල්‘ කාටද?
සජිත් තරඟයෙන් ඉවත්වීමත් සමඟම විපක්ෂයේ උඩරට දෙමළ, ‘මලය තමිල්‘ මන්ත්‍රීවරුන් 6 දෙනා රනිල් සහ ඩලස් ලෙස බෙදී යනු ඇත.

සජිත්ගේ 62 කණ්ඩායමේ සිටින නුවරඑළියේ දිගම්බරම් සහ උදයකුමාර් ඩලස් ට වඩා රනිල්ට අතිශයින්ම සමීපය. බදුල්ලේ අරවින්ද කුමාර දැනටමත් රනිල් සමඟ ය.

වඩ්වේල් සුරේෂ් පක්ෂ මාරු කරන්නට ඇති හැකියාව පෙන්වූයේ දින 52 ආණ්ඩුවේ දී ය.

මනෝ, වේලුකුමාර් සහ රාධක්‍රිෂ්ණන් සජිත් ගේ කුමන් තීරණයක් සමඟ හෝ රැදෙනු ඇත. ඒ ඊලඟ මහා මැතිවරණයේ කොළඹ – මහනුවරින් පාර්ලිමේන්තු එන්නට අවශ්‍ය නිසාය.

තොන්ඩමන් ලා නවතින්නේ ශ්‍රීලනිප සමඟ බව බැලූ බැල්මට පෙනේ. දිගම්බරම් – තොන්ඩමන් අනිවාර්යයෙන්ම කඳවුරු දෙකකට යනු ඇත.

සජිත් සහ ඩලස් එක්වන්නේ නම් (IF), මුස්ලිම් මන්ත්‍රීවරු කොතැන ද?

රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම් ගෙන් කැඩී ගිය ඉෂාක් රහමන්, තවුෆීක්, ෆයිසාල් කාසිම් සහ හාරිස් දැන් ඒකාබද්ධ විපක්ෂයේ ය. සජිත් ඉවත්වී ඩලස් සමග ගිවිසුමක් අත්සන් කළ නමුත්, මේ ඡන්ද හතර ඩලස් ට ස්ථිර නැත.

අනෙක් අතට, රවුෆ් හකීම්ට රනිල් ට ඇති කුමන හෝ ආරෝවක් රහමන්, තවුෆික්, ෆයිසාල් හා හාරිස් ට රනිල් සමඟ නැත. රනිල් තරම් සුවපහසුවක් විමල්-ගම්මන්පිල කඳවුරෙන් ලැබෙන්නේ ද නැත.

රිෂාඩ් බදුර්දීන් හිරේ දැම්මේ රතන හිමි හා විමල් ගේ පක්ෂයේ පීඩණය නිසාය. රහස් පොලීසියේ වතුර බෝතලයක් හිසට තබා, කාඩ්බෝඩ් කැබැල්ලක නිදාගන්නා මග පෑදු අතීතය රිෂාඩ් සහ පක්ෂය අමතක කරයි ද? රනිල් හා රිෂාඩ් අතර සම්බන්ධය වසර 20 කි.

සජිත් සහ ඩලස් එක්වන්නේ නොවන්නේ නම් (IF),
රනිල්, ඩලස්, සජිත් අතර තරඟය දී රනිල් ට 90 ක්, ඩලස් ට 69 ක් සහ සජිත් ට උපරිම 62 ක් සහ අවමය 58 කි.

නියෝජ්‍ය කතානායක තරඟ දෙකේ දී ඉම්තියාස් ඡන්ද 65 ක් ද, රෝහිණී කවිරත්න ඡන්ද 78 ක් ද ගත්හ. සහභාගීත්වය සඳහා පමණක් වන නාමික තරඟයක දී, සජිත් ප්‍රේමදාස ඡන්ද 62 ක් වත් ගන්නේ නැත!

ශ්‍රීලනිප යේ මන්ත්‍රීවරු ඡන්දයට නැතිනම්, ඩලස්ට තවත් ඡන්ද කිහිපයක් අඩුවනු ඇත. නමුත්, සජබ ඡන්ද ‘සජිත් – ඩලස්‘ ජනපති අගමති කළ හැකිය!

ඩලස් – සජිත් එක් වූවත් රනිල් වික්‍රමසිංහ පරාජය කළ නොහැකි බව විපක්ෂයේ සීත කාමර විශේෂඥයින්ගේ මතය වී ඇත. ඔවුන්ගේ තර්කය — ඒකාබද්ධ විපක්ෂයේ 1/3ක් වන දෙමළ/මුස්ලිම් මන්ත්‍රීවරුන් රහස් ඡන්දයක දී රනිල් ට මිස ඩලස් ට ඡන්දය දෙන්නේ නැත‘ යන්නය.

සජිත් – ඩලස් දෙදෙනාම තරඟ කරන්නේ නම්, රනිල් වික්‍රමසිංහ උඩින්ම ජනපති වනු ඇත්තේය.

රනිල් එළවන්නට කතා කළා ට, එක්කෝ විපක්ෂයට එයට සැබෑ අවශ්‍යතාවයක් නැත! නැතිනම්, හැකියාවක් නැත!! සැලසුමක් හෝ වැඩ පිළිවෙලක් නම් ඇත්තේම නැත!!!

ඡන්දයෙන් පසුව, රට ගිණි තබා පළක් නැත. දක්ෂයින්ට රටේ ප්‍රශ්න විසඳන්නට ඉඩ දිය යුතුව ඇත. .

රජිත් කීර්ති තෙන්නකෝන්

Recent Posts

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

4 hours ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

2 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

2 days ago

විපක්ෂ නායක US නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් කොළඹදී හමුවෙයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…

3 days ago

සජිත් හා චීන තානා­පති අතර හමු­වක්

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහ­ජන සමූ­හා­ණ්ඩුවේ තානා­පති චී ෂෙන්හොං (Qi…

3 days ago