ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වරයා වන ඩේවිඩ් හොලි (David Holly) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. මෙම හමුවේදී ශ්‍රි ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදයත් ශ්‍රි ලංකාවට සෙසු රටවල සහයෝගය ගැනත් සාකච්ඡාවට ලක් කර තිබෙනවා. මෙහිදි අදහස් දක්වා ඇති හොලි මහතා ශ්‍රි ලංකාවේ සමාජ ආර්ථික සහ නාවික ක්ෂෙත්‍රයන්ගේ නඟා සිටුවීම සඳහා තම රජයේ සහය ලබා දෙන බව ප්‍රකාශ කර ඇති අතර දිගුකාලීන මිතුරකු වන ශ්‍රි ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති ආර්ථික අර්බුදය පිලිබඳව ඕස්ට්‍රේලියානු රජය නිරන්තර අවබෝධයෙන් පසුවන බවයි එතුමන් ප්‍රකාශ කර සිටියේ. මෙහිදි එතුමන් ඩොලර් මිලියන පනහක වූ මුදලක් මානුෂීය ආධාර වශයෙන් මෙරටට ලබාදීමට ද කටයුතු කර තිබුණා. ඉදිරියේ දීත් හැකි සෑම අවස්ථාවකම ශ්‍රි ලංකාව වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවයි එතුමන් ප්‍රකාශ කර සිටියේ.
ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රි ලංකාවට ලබා දුන් ඩොලර් මිලියන පනක් වූ මෙම ආධාර මුදල රටක් විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති වැඩිම මානුෂීය ආධාර මුදල ද වන බවයි ප්‍රකාශ වන්නේ.



