දේශීය

නව අගමැති රනිල් වික්‍රමසිංහ ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (12) පස්වරුවේ දිවුරුම් දුන්නේය. නිදහස් ලංකාවේ 25 වැනි අගමැතිවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර පස් වතාවක්

අග්‍රාමාත්‍ය ධුරය හොබවා තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 09 දා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් පසු පුරප්පාඩු වූ අගමැති ධුරයේ දිවුරුම් දුන් වික්‍රමසිංහ මහතා වර්තමාන

පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා වීම විශේෂත්වයකි. එසේ තිබියදී පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් සහ ස්වාධීන කණ්ඩායම සහ ටීඑන්ඒ මන්ත්‍රීවරු වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට එක් වී සිටිති. මෙම කණ්ඩායම්වල එකතුව පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් වීමට ද වැඩි ඉඩකඩ තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථම වතාවට අගමැති ධුරයට පත් වුයේ 1993 දීය. එම අවස්ථාවේදී ඔහු වසර එක හමාරක් අගමැති ධුරය හෙබවීය. අනතුරුව 2001 දී අගමැති වී වසර දෙකකට වැඩි කාලයක් අගමැති තනතුර දැරීය.

2015 ජනවාරි මස පැවැති ජනාධිපතිවරණයෙන් පසු බිහි වූ දින සියයක ආණ්ඩුවේ අගමැතිවරයා වූයේද රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ වසරේ අගෝස්තු මස පැවැති මහ මැතිවරණයෙන් වැඩිම ආසන ගණනක් දිනා ගනිමින් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ධුරයට පත් විය.

2017 ඔක්තෝබර් මස සිදු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය අහිමි වූ අතර දින 56කට පසු ලැබුණු අධිකරණ නියෝගයක් අනුව ඒ මහතා නැවතත් අගමැති ලෙස පස්වැනි වතාවටත් දිවුරුම් දුන්නේය.

2019 නොවැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් විය.

එම වසරේ ජූලි මස පැවැති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ බහුතරය සමඟ වෙන්ව ගොස් සමඟි ජන බලවේගය පිහිටුවාගෙන මැතිවරණයට ඉදිරිපත්ව ප්‍රධාන විපක්ෂයට පත් වූ අතර, එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ ජාතික ලැයිස්තුවට හිමි වන මන්ත්‍රී ධුරයක් පමණි. සිය පක්ෂයට හිමි වූ එකම මන්ත්‍රී අසුන වෙනුවෙන් පාර්ලිමේන්තුවට පත්ව ආ රනිල් වික්‍රමසිංහ මහතා මෙවර හය වැනි වතාවටත් රටේ අගමැති ධුරයට පත් වීම වි‍ශේෂත්වයකි.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මෛත්‍රී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියහ.

ශිරෝමි අබයසිංහ (dinamina)

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago