දේශීය

නව අගමැති රනිල් වික්‍රමසිංහ ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (12) පස්වරුවේ දිවුරුම් දුන්නේය. නිදහස් ලංකාවේ 25 වැනි අගමැතිවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර පස් වතාවක්

අග්‍රාමාත්‍ය ධුරය හොබවා තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 09 දා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් පසු පුරප්පාඩු වූ අගමැති ධුරයේ දිවුරුම් දුන් වික්‍රමසිංහ මහතා වර්තමාන

පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා වීම විශේෂත්වයකි. එසේ තිබියදී පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් සහ ස්වාධීන කණ්ඩායම සහ ටීඑන්ඒ මන්ත්‍රීවරු වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට එක් වී සිටිති. මෙම කණ්ඩායම්වල එකතුව පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් වීමට ද වැඩි ඉඩකඩ තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථම වතාවට අගමැති ධුරයට පත් වුයේ 1993 දීය. එම අවස්ථාවේදී ඔහු වසර එක හමාරක් අගමැති ධුරය හෙබවීය. අනතුරුව 2001 දී අගමැති වී වසර දෙකකට වැඩි කාලයක් අගමැති තනතුර දැරීය.

2015 ජනවාරි මස පැවැති ජනාධිපතිවරණයෙන් පසු බිහි වූ දින සියයක ආණ්ඩුවේ අගමැතිවරයා වූයේද රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ වසරේ අගෝස්තු මස පැවැති මහ මැතිවරණයෙන් වැඩිම ආසන ගණනක් දිනා ගනිමින් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ධුරයට පත් විය.

2017 ඔක්තෝබර් මස සිදු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය අහිමි වූ අතර දින 56කට පසු ලැබුණු අධිකරණ නියෝගයක් අනුව ඒ මහතා නැවතත් අගමැති ලෙස පස්වැනි වතාවටත් දිවුරුම් දුන්නේය.

2019 නොවැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් විය.

එම වසරේ ජූලි මස පැවැති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ බහුතරය සමඟ වෙන්ව ගොස් සමඟි ජන බලවේගය පිහිටුවාගෙන මැතිවරණයට ඉදිරිපත්ව ප්‍රධාන විපක්ෂයට පත් වූ අතර, එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ ජාතික ලැයිස්තුවට හිමි වන මන්ත්‍රී ධුරයක් පමණි. සිය පක්ෂයට හිමි වූ එකම මන්ත්‍රී අසුන වෙනුවෙන් පාර්ලිමේන්තුවට පත්ව ආ රනිල් වික්‍රමසිංහ මහතා මෙවර හය වැනි වතාවටත් රටේ අගමැති ධුරයට පත් වීම වි‍ශේෂත්වයකි.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මෛත්‍රී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියහ.

ශිරෝමි අබයසිංහ (dinamina)

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

7 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

7 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago