දේශීය

විරෝධතා භූමියට පහර දීම මහින්ද-නාමල් ජොනී-නිශාන්ත දේශබන්දු ඇතුළු 24කගේ විදෙස් ගමන් තහනම්

ගාලු මුවදොර විරෝධාතා භූමියේ සහ අරලිය මන්දිරය ඉදිරිපිට විරෝධතා භූමියේ සිටි විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 24කගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඊයේ (12) නිකුත් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කළේය. ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි, සංජීව එදිරිමාන්න, කාංචන ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, සී.බී රත්නායක, සම්පත් අතුකෝරළ, රේණුක පෙරේරා, නිශාන්ත ජයසිංහ, අමිත අබේවික්‍රම, පුෂ්පලාල් කුමාරසිරි, මහින්ද කහඳගම, දුලිප් පෙරේරා සෙසු පිරිස වෙයි.

මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මේ නියෝගය නිකුත් කරනු ලැබුවේ මැයි මස 09 වෙනිදා “මයිනා ගෝ ගම සහ ගෝඨා ගෝ ගම” සාමකාමී අරගල භුමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනු කළ නඩුව අවසන් වන තුරු විදේශ ගමන් තහනමක් පනවන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේත සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය ඇතුළු නීතිඥ මඩුල්ල කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව වේ.

මයිනා ගෝ ගම සහ ගෝඨා ගෝ ගම සාමකාමී අරගල භුමියේ උද්ඝෝෂණ සිදු කරමින් සිටි පිරිසට පහරදීමේ මූලාරම්භය ආරලිය ගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී කළ උසිගැන්වීම් හේතු වූ බව මේ වන විට සිදු කර ඇති මූලික විමර්ශන අනාවරණය කර ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණය හමුවේ කියා සිටියාය.

නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව අදාළ නියෝග අධිකරණයෙන් ඇයිද සිටින බව කියා සිටි ඒ මහත්මිය සැකකාර පුද්ගලයන්ගේ විදේශ ගමන් බලපත්‍රය පරිරෝධනය කරන ලෙසත් විදේශ ගමන් තහනම් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

අගතියට පත් පාර්ශ්වය පෙරේදා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවත් තවත් සැකකරුවන් ගණනාවක් නම් කිරීමට ඇති බවත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න, මෛත්‍රි ගුණරත්න, කාලිංග ඉන්දතිස්ස, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති සාලිය පීරිස් මහතා ඇතුළු නීතිඥ මඩුල්ල අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම ජනාධිපති නීතිඥ හිටපු මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතා ද පෞද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අතර, එහිදී සිද්ධියට අදාළව සැකකරුවන් 25 දෙනකු නම් කිරීමට බලාපොරොත්තු වන බවත් කියා සිටියේය.

මැයි මස 10 වනදා මේ සිද්ධියට අදාළව අධිකරණය හමුවේ කරුණු වාර්තා කළ බව අධිකරණය හමුවේ කියා සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය විමර්ශනයේ මූලික අවිධියේ ඇති බවත් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වූ පුවත් සහ වීඩියෝ දර්ශන හරහා මෙන්ම තුවාලකරුවන්ගේ සහ ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විමර්ශනය සඳහා යොදා ගත් බවත් කියා සිටියාය.

සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක, නියෝජ්‍ය සොලිසටර් ජනරාල් රියාස් ෆාරි, රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක, සජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීන් පෙනී සිටි අතර, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න, කාලිංග ඉන්දතිස්ස, මෛත්‍රි ගුණරත්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඬුල්ලක් ඉදිරිපත් විය.

සුභාෂිණී සේනානායක (Dinamina)

Recent Posts

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

3 hours ago

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

7 days ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

7 days ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

1 week ago

පනත් කෙටුම්පත් දෙකකට කථානායකගේ සහතිකය

සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…

1 week ago